ලංකා ඊ නිවිස් මාධ්‍යයවෙදියාව අප‍්‍රියෙල් 07 තෙක් රිමාණ්ඩි

ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය කණපිට ගස්සමින් ලංකා ඊ නිව්ස් ප‍්‍රවෘත්ති කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බෙනට් රූපසිංහ මහතා අද වැල්ලම්පිටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කෙළේය

ගිනි තැබීමට සැක පිට පළමුවෙන් අත් අඩංගුවට ගත් සුසා නම් පුද්ගලයාගේ සොහොයුරෙක් වන සුදත් ජයලත් නමැත්තෙකුගේ දුරකථන අංකයකට ඇමැතුම් දෙමින් සුසා පොලීසියට දුන් ප‍්‍රකාශ වෙනස් කිරීමට තර්ජන කෙළේ යැයි ද, ජයලත් නමැත්තාගේ හිසට මාර්තු 11 වන පිස්තෝලයක් වැනි යමක් පෙන්වා මරණීය තර්ජන කිරීමට කුමන්ත‍්‍රණ කෙළේ යැයිද, තොරතුරු වසන්ගන්නේ යැයිද රූපසිංහ මහතාට එරෙහිව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන ‘බී’ වාර්තා වේ සඳහන් විය.

දුරකථන ඇමැතුමක් ගැන කට උත්තරයක් ගැනීමට අවශ්‍යයයි කියමින් වැල්ලම්පිටිය පොලීසිය රූපසිංහ මහතාට පොලීසියට එන්නැයි පවසා කට උත්තරය දීම සඳහා එහි ගිය අවස්ථාවේදී පොලීසිය මෙසේ ඔහු අත් අඩංගුවට ගත්තේ ය.

නීතිඥවරුන් වන මංජුල පතිරාජ, මෛත‍්‍රී ගුණරත්න, ගුණරත්න වන්නිනායක, ශිරාල් ලක්තිලක, බණ්ඩාර ඒකනායක මහත්වරු රූපසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියේය