දෙමළ ජනයාට ජනාධිපතිවරයාගෙන් පණිවිඩ ත‍්‍රිත්වයක්

පසුගිය සදුදා ආණ්ඩුව විසින් ජාතික තෛපොංගල් දින උත්සවය යාපනේදි සමරනු ලැබිය. එය ජනාධිපති මහින්ද රාජපක්ෂට පුද්ගලික ජයග‍්‍රහනයක් වුවත් එය දෙමළ ජනයාට කිසිදු උද්යෝගයක් ඇති කළේ නැත. මෙයට බලපැ හේතු රාශිියකිි.

දින දෙකකට පසුව උත්සවය පැවැත්විම නිසා එහි වැදගත්කම මුලුමනිින්ම නැතිි විය.

සුර්යාට ස්තුති කිරිමෙි දිනය සහ වෙිලාව සෙනසුරාදා හිමිදිරි උදෑසනයි.

 දෙමළ ජනයා ජාතික තෛපොන්ගල් උත්සවය දෙස බැලුවෙි හුදු ජනාධිපතිවරයාව පිදිමක් ලෙස මිස හිරු දෙවියා පිදිමක් ලෙස නොවෙි.

 එය ඊපිඩිපිය පිළිබද දර්ශනයකි.
ආරාධනා ලැබු බහුතරය ඊපිිඩිපි ආධාරකරුවන්ය. ඊට අමතරව සිටියේ පාසැල් සිසුන් පමණි.

ජනාධිපතිවරයා පොදු ජනයා දිනා ගැනිමට මෙතෙක් භාවිතා කළ මැජික් යෂ්ටිය මෙි අවස්ථාවෙිදිත් පේ‍්‍රක්ෂකයින් සමිබන්ධයෙන් යෙදවිය.

ඔහු කතාව සිංහලෙන් පටන් ගත්තේය. ඉන්පසුව පාසැල් සිසුන් දෙසට හැරි මම දෙමළ භාෂාවෙන් කතා කරන්නදැයි ඇසුවෙිය. ඔහුව විශාල අත්පොලසන් හඩකින් පිළිගනු ලැබිණි. පේ‍්‍රක්ෂකාගාරයේ හදවත් දිනා ගැනිමෙන් පසුව ඔහු දෙමළ ජනයාට ඉතා වැදගත් පණිවිඩ තුනක් ලබා දුන්නේය. ඔහු කිවෙි ත‍්‍රස්තවාදය නිමාවට පත්වි නැවත ශ‍්‍රී ලංකාව ගොඩනැගිම ආරමිභ කර ඇති බවයි. අපි නැවතත් ත‍්‍රස්තවාදයකට හෝ මාෆියාවකට හිස එසවිමට ඉඩ දෙන්නේ නැහැ යනුවෙන් හෙතෙම පැවසුවෙිය. ඒ යාපනේ හිස ඔසවා ඇති මංකොල්ලකෑමි සහ මිනිමැරිමි අතුලු බිය පිළිබද මනෝ සයිකොසියාට ඔහු දුන් පිළිතුරයි.

අපරාධ ලැයිස්තුව

දෙසැමිබර් 27 දායින් පටන්ගෙන සිදුවු අපරාධ 24ක් දෙමළ ජාතික සන්ධානය විසින් පාර්ලිමෙින්තුවට ඉදිරිපත් කරන ලදි.

එයින් 10ක් මිනිමැරුමිය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙින්තු මන්ත‍්‍රි එමි .ඒ සුමන්තිරන් පාර්ලිමෙින්තුවට කිවෙි එයින් බහුතරය පැහැරගෙනයාමි, වධහිංසා පැමිණවිමි සහ අවසානයේ මළසිරුරු පාලු ළිදවල් වලට දැමිමි බවයි.
ඔහුට අනුව සමහරක් අයව වෙඩි තබා මරාදමන ලදි. ඔවුන්ගේ සිරුරු පිළිබද විමර්ශන වලදි හෙළිදරවි වුයේ තුවක්කුකරුවන් මනා පුහුණුවිමක් ලැබු අය බවයි.

සුමන්තිරන් කිවෙි යාපනේ මාෆියාවක් නැති බවයි. ඔහු වැඩිදුරටත් කිවෙි ජනාධිපතිවරයාට අපරාධකරුවන් සොයා ගැනිමට අවශ්‍යය නමි කළයුත්තේ තමන් අවට පරීක්ෂා කිරිමු බවයි.

ජනාධිපතිවරයාගේ දෙවන පණිවිඩය වුයේ දෙමළ ජනයාට කල්පවතින සාමය ධරණිය සංවර්ධනයත් සමග ලගාකර දෙන බවයි. ඉරිදා දියත් කළ සන්ගුප්පිඩි පාලම පිළිබද ව්‍යාපෘතිය උදාහරණයට ගනිමින් ඔහු කිවෙි මෙම සාමය සහ ධරණිය සංවර්ධනය ආණ්ඩුවෙි සංවර්ධන ව්‍යාපෘති හරහා සිදුකරන බවයි.
කල්පවත්නා සාමය

සංවර්ධනය හරහා කල්පවත්නා සාමය යන සංකල්පය දෙමළ ජනයාට ඇති කරනුයේ ජුගුප්සාවකි. ඔවුන්ගේ ඉල්ලිම වන්නේ බලතල බෙදිමකි. ඔවුන්ට තමන්ගේ ආර්ථිකය සංවර්ධනය කර ගැනිමට අවශ්‍යයයි. ඔවුන්ගේ ආර්ථිකය සෙස්සන් ලවා සංවර්ධනය කරගැනිමෙි අවශ්‍යයතාවක් ඔවුන්ට නැත. දෙමළ ජාතික සන්ධානයද මෙම සංවර්ධනය හරහා සාමය යන සංකල්පය ප‍්‍රතික්ෂේප කරයි.

දැනටමත් ලැබි ඇති අත්දැකිම වන්නේ සිංහලයින් විසින් සිදුකරන සංවර්ධනය හේතුවෙන් දෙමළ ප‍්‍රදේශවල සමිපත් සුරාකෑමකට ලක්වන බවයි. ඔවුන් ප‍්‍රශ්න කරන්නේ සින්ගප්පුඩි පාලම ඉදිකිරිමෙිදි දෙමළ ජනයාගේ භුමිකාව කුමක්ද කියාය. එය මහා පරිමාණ දුෂණයකට හේතු වෙි. එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රිවරයෙකු ඒ සදහා උදාහරණයක් ගිය බ‍්‍රහස්පතින්දා පාර්ලිමෙින්තුවෙිදි ඉස්මතු කරන ලදි. මහඔය සහ සෙන්ගලාඩි අතර පාරේ සැතපුමි සතරක් සංවර්ධනය කිරිම සදහා වෙන්වු මුදල මිලියන 411.87කි. පාරේ එක සැතපුමකට වැය වන මුදල රුපියල් මිලියන 100කි.

ජනාධිපති රාජපක්ෂගේ සංවර්ධනය හරහා සාමය යන ප‍්‍රකාශයත් ඔහු විදේශීය නියෝජිතයින්ට 13වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා වැඩි දෙයක් ක‍්‍රීයාත්මක කිරිම යන්න ගැන කළ ප‍්‍රකාශයත් එකිනෙකට පරස්පර විරෝධතාවක් ඇත.

ඔහු වැඩිදුරටත් කිවෙි තමන් පොලිස් බලතල පළාත් සභා වලට නොදෙන බවයි. එයම ඔහු ලබා දෙන්නට යන්නේ 13වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අඩු දෙයක් බව සනාථ කරයි. දැනටමත් 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බරපතල කප්පාදුවකට ලක්ව තිබෙි.

දරිද්‍රතාවය මුලිනුපුටා දැමිම

ජනාධිපතිවරයාගේ තෛයිපොංගල් දින උත්සවයේ තෙවන පණිවිඩය වුයේ තමන් දරිද්‍රතාවය සහ අවිශ්වාසයට එරෙහි යුද්ධය දිනිමට අවශ්‍යය සියල්ල සිදුකරනු ලබන බවයි. දෙමළ ජනයා මෙරටින් දරිද්‍රතාවය මුලිනුපුටා දැමිමට අවශ්‍යය සමිපුර්ණ සහය ආණ්ඩුවට ස්ථිරවම ලබාදෙනු ඇත. නමුත් අවිශ්වාසය තුරන් කිරිම පිළිබද ගැටලුව විසදිමනමි ප‍්‍රවෙිශමෙන් කළ යුතු දෙයකි. දිනපතාම ජනාධිපතිවරයාට කිටිටු සිංහල ජාතිවාදින් සිදුකරන ප‍්‍රකාශ හෝ ක‍්‍රියාවන් මෙම පවතින්නාවු අවිශ්වාසයට අලුතින් යමක්් එකතු කිරිමක් සිදුවෙිි.

ගිය සතියේ මා විසින් පෙන්වාදුන් ආකාරයට ජාතික හෙළ උරුමයේ ප‍්‍රකාශන සහ පුරා විද්‍යා දෙපාර්ථමෙින්තුවෙි ක‍්‍රීයා මෙම පවතින්නා වු අවිශ්වාසයට තවත් එකතු ුකිරිමකි.

මම හිතන්නේ නැහැ මෙම අවිශ්වාසය තුරන් කිරිමට දෙමළ ජනයාට ශ‍්‍රී ලංකාව අයිති නැතැයි  කිමට ගන්නා උත්සාහයන් නිසා සිදුවෙයි කියලා.

මෙවැනිම වැඩපිළිවෙලක් 1970දි සිරිල් මැතිවි විසින් ආරමිභ කළා. එස්. ජේ. වි චෙල්වනායගමි එතකොට දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායකයාව සිටියා. මම ඔහුගෙන් මෙි ගැන ඇහුවා. ඔහු සිනා සෙමින් කිවෙි ඇයි අපි ඒ ගැන කණස්සල්ලට පත්වන්නේ අපි හැමොම ශ‍්‍රී ලංකාවෙි පුරවැසියන්. අපිව මුදට ඇදලා දාන්න බැහැ. ඉන්දියාව ඇතුලු කිසිදු රටක් අපිව භාර ගන්න සුදානමි නැහැ යනුවෙනි.


ද නේෂන්හි ටි. සබාරත්නමි මහතාගේ ලිපියක් ඇසුරෙන්
සිංහලට පරිවර්තනය කළේ හර්ෂි සී. පෙරේරා විසිනි.