ආණ්ඩුවට දුන් රහස් වාර්තාවකින් පළාත්ආයතන ගණනාවක් පරදින බව දැනුම් දීලා

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ආණ්ඩුව කැඳවා ඇති රහස්‍ය වාර්තා ගණනාවක් මගින් නගර සභා හා මහ නගර සභා මෙන්ම ප්‍රාදේශීය සභා ගණනාවකින් රජය පරාජයට පත්වන බව දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ. ගෙවුණු මාස දෙක ඇතුළත ආණ්ඩුව ජනතාව අතර ශීඝ්‍රයෙන් පිරිහෙන්නට පටන් ගෙන තිබීමත්, උග්‍ර ජීවන වියදම් ප්‍රශ්නයත් මේ සඳහා බලපා ඇති ප්‍රධාන හේතු බව එම රහස් වාර්තාව පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය ඉකුත් මහ සම්මේලනයෙන් අනතුරුව නගරබද මෙන්ම ගම්බදවද හිස එසවීමට පටන් ගෙන ඇති බවත්, විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ තරුණ නායකත්වය ඒ සඳහා හේතු වී ඇති බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර ඒ නිසා දැනට ශ්‍රීලනිපය කෙරෙහි කලකිරී සිටින ඇතැම් පාක්ෂිකයන්ද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය වටා ගොනුවීමේ ඉඩකඩක් පවතින බවට එමගින් අනතුරු අඟවා ඇති බවද පැවසේ.

Tell a Friend