6 හැවිරිදි දැරියකට ඥතියාගෙන් අතවර

ඩබ්ලිව්. ඇම්. වික්‍රමසිංහ

සය හැවිරිදි පාසැල් දැරියකට ලිංගික අතවර කළ බවට සැකකරන දැරියගේ ඥති සහෝදරයකු වූ 17 හැවිරිදි තරුණයකු ලබන 10 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කන්තලේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය. මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ කන්තලේ සූරියපුර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. කන්තලේ මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පො. පරීක්‍ෂිකා සුභාශිනී මහත්මියගේ උපදෙස්‌ මත කා. පො. සැ. ගුණසේකර (1376) මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතුවල නිරත වූවාය.

Tell a Friend