නේපාලය සහ ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගනු දෙනු වල උණුසුම් තත්වයක් පැන නැගුණේ ජනාධිපති රාජපක්ෂට නේපාලයේ සාමය සඳහා මැදිහත් කරු වන්න යැයි ආරාධනා කළ බවට රාජපක්ෂ ආණ්ඩුව ප්‍රචාර කිරීමත් සමඟිනි. එය පට්ටපල් බොරුවක් බව නේපාලය පළමුවෙන් ප්‍රකාශ කළ පසුත් ඇමති පිරිස් එය සත්‍යක්ම බව කිව්වේය. එවිට නේපාල අදාළ කරණය සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට තරයේ අවවාද කොට ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය යයි කිව්වේය. එහි පියවරක් ලෙස අදාල නියෝජ්‍ය ඇමතිවරයා කත්මන්ඩු නුවර බලා ගොස් පසුගිය17 වැනිදාම විදේශ අමාත්‍යවරයා හමුවී සමාව අයැදි බව වාර්තා වේ. ඉන් පසු ඔහු දින තුනක් තිස්සේ පැවති තුන්වන දකුණු ආසියානු ආර්ථික සංවර්ධන සමිතියට සහභාගී විය.
නමුත් අපගේ නේපාල ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නේපාල ජනාධිපතිවරයා බිජිං නුවර දී රාජපක්ෂ ජනාධිපති හමු වූ විට කියා ඇත්තේ, ලංකාවේ යුද්ධය ඉවර වීම අපටත් ආදර්ශක් කියාය. එය වැරදියට තේරුම් ගත් ආණ්ඩුව මෙරට මාධ්‍යට කියා සිටියේ අදාල ගැටුම විසඳීමට ජනාධිපතිවරයාට මැදිහත් වන ලෙස ඉල්ලා සිටි බවයි.
Post a Comment