ෆ්‍රයිඩ් දැල්ලන්ට කෙලගිලිම හා බුෆේ ගැන සිහින දැකිම


හර්ෂි සි. පෙරේරා


එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා අද පොල් බෑ දෙකක් ඉදිරිපත් කරමින් කතා කරද් දි ආණ්ඩු පක්ෂ මන්ති්‍රවරු එයට විරෝධය පෑහ. එම පොල් බෑ දෙක ඉවත් කරන ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතා ඔහුට නියෝග කෙළේය.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ විදියට ඕනෑම දෙයක් පාර්ලිමේන්තුවට ගෙන ආ හැකි බවත් පරික්ෂණයක් කළ යුතු බවත් කීවේය. පොල් බෑයක් රුපියල් 35 ක් වන අතර පොල් ගණන අසන විට එලෝ පොල් පේන බවත් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ යයි දිනපතා පුවත්පතක් වාර්තා කළේය.

මෙි පොල් බැයේ තත්වයයි. බිත්තරයක මිළ රුපියල් දාහතකි. රතු ලුණු කිලෝවක් රුපියල් දෙසියකි.

සියල්ල මෙසේ තිබියදි රජයේ විද්‍යුත් මාධ්‍යය ජනතාවට පෙන්වන්නේ සහ කියවන්නේ කුමක්ද ? එක් රජයේ රුපවාහිිනි චැනලයක් ෆයිඩි දැල්ලන් සාදන සැටි කියාදෙයි. තවත් රජයේ රූපවාහිනි චැනලයක් බුෆේ වලට ගොස් කන හැටි උගන්වයි.

මොවුන් මේ රවටන්නේ කාවද? ගොනාට ඇන්දවිමට උත්සාහ කරන්නේ කාවද? මේ පෙන්වන ආර්ථිකය නැමති සුදු අලියාට කොපමණ ආයුෂ ඇද්ද?

Tell a Friend