හර්ෂි සි. පෙරේරා
තවත් සත් මස් වයසැති බිළිදු මළ සිරුරක් නාවලපිටිය රෝහල් වැසිකිලි පද්ධතියෙන් හමුවේ. මේ පළමු අවස්ථාව නොවෙි. එමෙන්ම මෙය එක් දිස්ත්‍රික්කයකට පමණක් සිමාවුවක්ද නොවේ. මෙවාට ලංකාවේ අහවල් ගමයි අහවල් ප්‍රදෙශයයි යනුවෙන් වෙන් කරන ලද මායිමි නැත.
කාලය, දේශය, සමාජ තරාතිරම, ලිංගිකත්වය යන කිසිවකට බේදයක් නොවි වෙනස්කමක් නොකර මෙය අපරාධයකි. ආගමක් මනුස්සකමක් ඇත්නමි මෙය බරපතල ලෙස සාරධර්ම උල්ලංඝනය කිරිමකි. අයෙක් අපරාධකරුවන්ව අත්අඩංගුව ගන්නැයි කියන අතර තවකෙක් යළි මෙරට සාරධර්ම නගා සිටියයුතුයැයි පවසනු ඇත.
එහෙත් කිසිවෙක් සෑබෑ හේතුව සේව්ිවෙිද? නිවරැදිව රෝග කාරකය හදුනා ගත්තේද?මෙය බෝහෝ දුරට බඩගින්න පිළිබද ප්‍රශ්නයකි. විරැකියාවට සොචිචමි වැටුපට අහස උසට නැග ඇති බඩු මිළට ලිංගිකත්වය සහ දරු උපත් පාලනය කරන්නැයි පැවසිය හැකිද?
අනෙක් පැත්තෙන් සංස්කෘතිය සදාචාරය සාරධර්ම නමැති දමිවැල් මගින් සිරකර ඇති ලිංගිකත්වය හා සමිබන්ධ කරුණු බලපායි.
අප ලංකාව තවත් තායිලන්තයක් විය යුතුයැයි නොකියමු. නමුත් තයිලාන්තයේ ආගමික කණ්ඩායමි එඩිස් වැනි සමාජ රෝග මර්ධනය කිරිම ගැන එවා වැළක්විිම සදහා ආරක්ෂාකාරිව ලිංගික සමිබන්ධතා පවත්වන ආකාරය ගැන ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් වලට කි්‍රයාකාරිව සහභාගි වෙති. වෙනත් බොහෝමයක් දියුණු රටවල පාසල් වල සහ විශ්ව විද්‍යාල වල සිසුන්ට ලිංගික අධ්‍යාපනයක් ලබාදෙයි. එම රටවල ගබිසාව පිළිබද නිති රිතින් මොට කර නැත.
සියල්ල කෙසේවෙතත් මෙවැනි අපරාධ නැතිනමි ෙඛදවාචකයන්ට තවදුරටත් දොරපියන් ඇරිය නොහැක. දොරවල් පමණක් වසා දැමිමෙන්ද පලක් නැත. නිවස ඇතුලත ක්‍රමවත් විය යුතුයි. හොද නිවරැදි ආරක්ෂාකාරි සෞඛ්‍යය පුරුදු තිබිය යුතුය. සියල්ලටම වඩා දිනපතාම ගෙදර ලිප මෙලවිය යුතුය.
Post a Comment