By
Sri Lanka Guardian
•
November 15, 2010
•
social
•
අද දින දිවයින පුරා පිහිටි පෞද්ගලික ආයතන රැසක් ඉදිරිපිට සේවක උද්ඝෝෂණ පැවැති බව වාර්තා වේ. ආණ්ඩුව ඉදිරියේදී රැගෙන ඒමට නියමිත EPF ETF සංශෝධන පනතට එරෙහිව මෙම උද්ඝෝෂණ අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කර තිබුණි. මීට අමතරව සේවක වැටුප් වැඩිකරන ලෙසත් මහ බැංකුව පිළිගෙන ඇති පරිදි ජීවන වියදම් අංකයකට හිමි වටිනාකම රු.180/- ක් ලෙස වහාම ගැසට් කරන ලෙසත් එහිදී සේවකයෝ හඩනැගූහ. පහත සඳහන් ආයතන ඉදිරිපිට අද දින මෙම උද්ඝෝෂණ මාලාව පැවැති බව අන්තර් සමාගම් සේවක සංගමය ප‍්‍රකාශකයෙකු අප හා පැවසී ය.
හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ආයතන වන හේලීස් එම්.ජී.ටී., ඩිප්ඞ්, හේකෙම්
සිංගර් (ශ‍්‍රී ලංකා)
පේන්ට් ඇන්ඞ් ජෙනරල්
රෝයල් සෙරමික් - ඇහැලියගොඩ
ලිටිල් ලයන් ඇසෝසියේටඞ්
පිරාමල් ග්ලාස් සිලෝන්
ඇක්වා පැකේජින්
ට‍්‍රයිකොටින්
සිලෝන් ඔටෝ
රෝයල් පෝසිලේන්
කෝට්ස් ත්‍රෙඞ් අපනයන
සියැට් කළුතර
සතො කෙමිෆා
එස්.ආර්. ස්ටීල්
හැන්ස් ස්ටීල්
ලංකා ඇලූමිනියම්
Post a Comment