ආණ්ඩුවේ මෙම තීරණයත් සමග පාසල් සිසුන් ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද බලවත් අපහසුතාවයට පත්ව ඇත. වාර විභාගය සඳහා මානසික සූදානමක සිටි සිසුන්ගේ මානසිකත්වය බිඳවැටීමට මෙම තීරණය හේතු වී ඇති අතර මෙවර අපොස සා/පෙළ විභාගයට මුහුණ දීමට නියමිත සිසුන් හටද බලවත් අවාසියක් මෙමගින් සිදුවී තිබේ. වාර විභාග ප‍්‍රතිඵල අනුව තම දුර්වලතා හඳුනාගෙන අපොස සා/පෙළ විභාගයට සූදානම්වීමට තිබූ අවස්ථාව මොවුන්ට බොහෝදුරට අහිමිවීමට ඉඩ ඇත. එමෙන්ම වාර විභාග උත්තර පත‍්‍ර පරීක්‍ෂා කර ප‍්‍රතිඵල නිකුත් කිරීමට තිබෙන කාලවේලාව මදිකම නිසා පාසල් වාර අවසාන නිවාඩුවට පෙර එම කටයුතු අවසන් කිරීමට බොහෝ පාසල් ගුරුවරුන්ට නොහැකිවනු ඇතැයි ගුරුවරුන්ගේ අදහස වී තිබේ.
දරුවන්ට එතරම් වැදගත් නොවන ජනාධිපතිගේ පදවි ප‍්‍රාප්ති උත්සවය සඳහා ඔවුන්ගේ වාර විභාගය කල්දැමීම ළමයින්ගේ අනාගතය වෙනුවෙන් කෙතරම් සුබදායක වන්නේදැයි මේ පිළිබඳව ගුරුවරු සහ දෙමාපියෝ ප‍්‍රශ්ණ කර සිටිති.
Post a Comment