පර්ක් ආයතනය අහෝසි කිරීම පිටුපස රිගේනින් ශී‍්‍ර ලංකා

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා බිහිවූ ෆර්ක් ආයතනය පසුගියදා පාර්ලිමේන්තුවට රැගෙන ආ පනතක් මගින් අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ය. එමගින් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණ වැඩපිළිවෙල පිටුදැකීමේ ආණ්ඩුවේ උවමනාව පිළිබිඹු වන බව සමාජය තුළ තහවුරු කිරීමට උත්සාහ ගත්ත ද සත්‍ය එය නොවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ෆර්ක් ආයතනයේ කාර්යභාරය ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට පවරා ගැනීම සහ එය බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා විසින් සෘජුව මෙහෙයවීම පමණක් මෙමගින් සිදුවන බව ද තවදුරටත් පෙන්වා දෙති. විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම, ජලය විකිණීම සඳහා ජලාපවහන මණ්ඩලයට සමාන්තරව පෞද්ගලික ආයතනයක් පිහිටුවීමට, ආණ්ඩුව උත්සාහ ගැනීම මගින් මේ බව පැහැදිලිවන බව ඔවුන්ගේ මතය වී තිබේ. එමෙන්ම පසුගිය එජාප ආණ්ඩුව රැුගෙන ආ ‘‘රිගේනින් ශී‍්‍ර ලංකා’’ වෙනත් මුහුණුවරකින් ආණ්ඩුව කි‍්‍රයාත්මක කරමින් සිටින බව පෙන්වා දෙන දේශපාලන විචාරකයෝ ඒ සඳහා එම වැඩපිළිවෙලේ තිබුණ ප‍්‍රධාන යෝජනාවක් වූ දේශීය ආදායම් අධිකාරියක් පිහිටුවීම වෙනත් නමකින් ආණ්ඩුව ඉටුකිරීමට කටයුතු කරමින් සිටින බව ද පවසයි. Tell a Friend