ශ්‍රී ලංකා පොලිසියේ තවත් බොරු නඩු දැමීමක්.



හර්ෂි සි. පෙරේරා

 නම ;- පස්කුවල් හන්දි නිරෝෂා චාමනී
 වයස ;-38
 විවාහක
 දරුවන් ;- 03 
ලිපිනය ;- 255, සි ටි සි නිවාස, ගලගොඩවත්ත ,කුලිගොඩ 

 නිරෝෂා 2013.06.10 දින "නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන අදිකරණයට වියාජ වාර්තාවන් හා වියාජ චෝදනා නගා නඩු පැවරීම" යන හිසින් යුතු ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට, නීතිපතිට සහ පොලිස්පතිට යොමු කළාය. බන්දනාගාර නියාමකවරයෙකු වූ දේව චමින්ද ප්‍රසාද් ඇගේ සැමියා වේ. 2013.05.15 ව ඇගේ දෙමාපියන්ගේ නිවසේ සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මත්ද්රවිය කාර්යාංශයේ හා හික්කඩුව පොලිසියේ ස්ථානදිපති ඇතුළු නිලදාරින්ය. ඔහුට හික්කඩුව පොලිසියේදී පහර දී ඇත. 2013.05.17 බලපිටිය මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2013.05.31 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කොට තිබේ. ඔහු දැනට කළුතර බන්දනාගාරයේ පසු වේ. නඩු අංකය 59720 වේ. නිරෝෂාගේ ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ. 

01. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. නීතිපති
    නීතිපති දෙපාර්තමේන්තුව
    කොළඹ 12.

03. පොලිස්පති
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01.

නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන, අධිකරණයට ව්‍යාජ වාර්තාවන් හා 
ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම

පස්කුවල් හංදි නිරෝෂා චාමනී වයස අවු: 38 යි, ජා:හැ:අංකය : 765651360 ඪ, දරුවන් 03 යි, ලිපිනය:255, සී.ටී.සී. නිවාස, ගලගොඩවත්ත, කුළීගොඩ. දුරකථන: 077 9709226 

දේව චමින්ද ප‍්‍රසාද් වයස අවු: 40 යි, මාගේ ස්වාමිපුරුෂයා වේ. ඔහු බන්ධනාගාර නියාමකවරයෙකි. රැුකියාව කළේ මාතර බන්ධනාගාරයේ.

ඔහු, 2013.05.14 වන දින උදේ ත‍්‍රිකුණාමලය බන්ධනාගාරයේ සිට පැමිණ, මාතර බන්ධනාගාරයේ වැඩ බාරගෙන, සේවය සඳහා යන ලදි. 

2013.05.15 වන දින 5.30 ට වැඩ නිමවී හික්කඩුව තොටගමුවේ මාගේ දෙමාපියන්ගේ නිවසට පැමිණ තිබේ. එවිට වෙලාව 7.30 ට පමණ ඇත.

ඔහු එසේ මාගේ දෙමාපියන්ගේ නිවසට පැමිණ ඇත්තේ, යතුරුපැදිය එහි තබා යන බැවින්ය. 

එසේ නිවසට පැමිණි ඔහු, මැද සාලයේ වාඩිවී රූපවාහිනය නරඹමින් සිටින විට, සිවිල් ඇඳුමින් තිදෙනෙකු පැමිණ මාගේ ස්වාමිපුරුෂයා වටකර ඇත. දෙදෙනෙකු අත ගිණිඅවි තිබී ඇත.

ඔවුන් මාගේ සැමියාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ විට, අනන්‍යතාවය හෙළි කරන ලෙසට සහ අත්අඩංගුවට ගන්නා කාරණය විමසා තිබේ.

අනන්‍යතාවය හා කාරණය හෙළි නොකර, ඔවුන් මාගේ සැමියාව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්නට සැරසී තිබේ. තවද, යමක් ඔහුගේ සාක්කුවට දැමීමට උත්සාහ කර තිබේ.

මේ අවස්ථාවේ මාගේ මව (කුසුම්ලතා*, පියා (ජිනරත්න* හා නංගිලා දෙදෙනා (ශිරෝමනී හා ශ්‍යාමලී* මාගේ සැමියාව අත්අඩංගුවට ගන්න එපා යැයි කියමින් කෑගසා තිබේ. එම කෑගැසීමට අසල්වැසියන්ද නිවසට එක්ව තිබේ.

එ් අවස්ථාවේ සිවිල් ඇඳුමින් සිටි පිරිස දුරකථනයෙන් යමෙකුට කතා කර තිබේ. එයින් අනතුරුව හික්කඩුව පොලිසියේ ස්ථානාධිපති සහ නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ තිබේ.

ස්ථානාධිපති, සැමියාව අත්අඩංගුවට ගැනීමට පැමිණි පිරිසගෙන් කාරණය විමසූ විට, ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ, පෙත්සම් ලැබී තියෙනවා, එ් ගැන ප‍්‍රකාශයක් ගන්න කියායි.

එ් අවස්ථාවේ, මාගේ සැමියාගේ අත් වලට මාංචු දමා, ඔවුන් පැමිණ සිටි දුඹුරුපාට වෑන් රථයෙන් හික්කඩුව පොලීසියට ගෙන ගොස් ඇත.

හික්කඩුව පොලීසියේ එදින මාගේ සැමියාව රඳවා තබාගත්තා. පසුදින එනම් 2013.05.16 වන දින පස්වරු 5.30 ට පමණ, බලපිටිය මහේස්ත‍්‍රාත්තුමා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. 

එ් අවස්ථාවේ, කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපත්ව මාගේ සැමියාව රඳවා ගැනීමට, නියෝග ඉල්ලා සිටියා. එ් අනුව 2013.05.17 වන දින පස්වරු 2.00 දක්වා කොළඹ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා භාරයේ තබා ගැනීමට මහේස්ත‍්‍රාත්වරයා අවසර ලබා දෙන ලදි.

එ් සමග, මාගේ සැමියාව 2013.05.17 පස්වරු 2.00 හෝ ඊට පෙර, බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.

2013.05.17 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ඔහුව 2013.05.31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළා. 

දැනට මාගේ සැමියා කළුතර බන්ධනාගාරයේ පසුවේ. නඩු අංකය 59720 වේ. 

මගේ සැමියාව බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ගෙන එ්මට පෙර, (2013.05.16* පස්වරු 4.30 ට පමණ ආරච්චිකන්ද රජයේ රෝහලට ඉදිරිපත් කර ඇත. නමුත් ඔහුව වෛද්‍යවරයෙකු පරික්ෂා කර නැත. ඔහුට හික්කඩුව පොලීසියේදී පහරදී ඇත.

මා ඉල්ලා සිටින්නේ,

1ග මාගේ සැමියා නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගැනීමට හා ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට කටයුතු කළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අදාළ නිලධාරීන්ට හා හික්කඩුව පොලීසියේ ස්ථානාධිපති ඇතුළු අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්,

2ග නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන, මත්කුඩු ග‍්‍රෑම් 10ක් ළඟ තබාගත් බවට ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන ලෙසටත්,

3ග ව්‍යාජ නඩු පැවරීම වළක්වාලන ලෙසටත්ය.

මේ මගින් මාගේ සැමියාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවද ප‍්‍රකාශ කරමි.


පී.එච්.නිරෝෂා චාමනී