''ප්‍රකෝපකාරී නොවන්න‘‘ - කාදිනල්තුමා


අද (21) උදෑසන දේවස්ථාන කිහිපයක සහ තවත් ස්ථානවල සිදුවූ පිපිරීම් දැඩි පිලිකුලෙන් යුතුව හෙළා දකින බව අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

කිසිදු හේතුවත් මත මෙම තත්ත්වයත් සමඟ ප්‍රකෝපකාරී ලෙස නොහැසිරෙන ලෙසද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිය ගිය ජනතාව වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කරන ලෙසත් තුවාල කරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට ලේ හිඟයක් පවතින බැවින් ඒ සඳහා දායක වන ලෙස සියළුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසීය.

මේ අතර අද සවස පැවැත්වීමට නියමිතව තිබූ සියලුම පාස්කු දින දේව මෙහෙයන් අවලංගු කරන බව කොළඹ අදරදගුරු නිවස සඳහන් කරයි.