කොල්ලනේ කෙල්ලනේ කලින්ම බැඳපල්ලා - ඉරාණ ජනාධිපති කියයි

ඉරාණයේ මේ දක්වා පිරිමින්ට සහ ගැහැණුන්ට විවාහ වීම සඳහා තිබු වයස් සීමාව අඩු කරමින් තම රටේ සියලු දෙනා ඉතා ඉකමනින් විවාහ විය යුතු බව ඉරාණ ජනාධිපති මොහමඩ් අහමදිනේජාඩ් ප්‍රකාශ කළේය. ඒ අනුව මේ දක්වා පිරිමි සහ ගැහැණු දරුවන්ට තිබු වයස් සීමාව පිළිවෙලින් 26 - 24 වූ අතර එය පිළිවෙලින් 20 සහ 16 දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. කෙසේ නමුත් ඉරාණ ජනාධිපතිවරයා මෙලෙස ක්‍රියාවට නංවා ඇත්තේ මීට පෙර බටහිරයන්ගේ පුරුදු යැයි කියමින් ප්‍රතික්ෂේප කළ දෑමය . මේ අතර විචාරකයින් මේ පිළිබඳව පෙන්වා දෙන්නේ ඉරාණයේ තරුණ තරුණයින්ට කසාද බැඳීම ප්‍රශනයක් නොවන නමුත් ගැටලුව වී ඇත්තේ උග්‍ර රැකියා වියුක්තිය බවයි. එනම් තරුණ ජනගහනයෙන් 70% ක් හෙවත් මිලියන 75 ක් රැකියා වියුක්තිකයෝ වෙති. Tell a Friend