ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ තම පක්‍ෂයේ නායක රවුෆ් හකීම් මහතා මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව යුද්ධය අවසන් වූ රටේ සාමය, සමගිය හා සංවර්ධනය ඇති කිරීමට මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කළ බවත් එහි ජාතික සංවිධායක රාජාබ්ඞීන් මහතා පවසා ඇත. නැගෙනහිර පළාතේ ජනතාවට බලපා ඇති ගැටලු විසඳීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අද සිට ආණ්‌ඩුවේ යහපත් දේට මුස්‌ලිම් කොංග්‍රසයේ ද සහාය ලබාදෙන බවද පවසා ඇත.
රවුෆ් හකීම් මහතාට ඉදිරියේදී කැබිනට් ඇමැති ධුරයක් ලැබෙනු ඇතැයි ද එය ඉදිරියේදී සිදු කරන ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී සිදුවනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
Post a Comment