ගායකයෙකුගෙන් සජීවී ප්‍රසංගයකදී රසිකයන් බලාපොරොත්තු වෙන්නේ සජීවීව එම ගීතය ගායනා කරලා ඉදිරිපත් කරනවට. නමුත් මෙතැනදී තමන්ට කැමැති කැමැති ශබ්දාගාරවලට ගිහින් පටිගත කරගෙන ඇවිත් වේදිකාවේ බොරුවට කට හොල්ලනවා. එතැන තියෙන්නේ රංගනයක්. හොඳට නටලා ගායනා කරන කොට කෙනෙක් හිතන්න පුළුවන් ගායකයන්ට වඩා මොවුන් හොඳට නර්තනයත් සමග ගීත කියනවා කියලා. ඒක මොන බොරුවක්‌ද. ඉතිං මේක දූෂිත වෙන්න අංක එක ඒක නෙවෙයිද?
අපිට මෙගාස්‌ටාර් නිෂ්පාදන අංශයෙන් බලපෑම් ආවා...
දිනේෂ් විතාන
රජීව් සෙබස්‌තියන් යන නම බොහෝ දෙනා ඇසූ පමණින් හිතන්නේ හරිම ආන්දෝලනාත්මක චරිතයක් විදිහටයි. කවුරු මොන විදිහට මොහු ගැන කතා කළත් අද වන විට රජීව් ක්‍ෂේත්‍රයට ඇවිදින් වසර විස්‌සක් වෙනවා. ඒ වෙනුවෙන් ඔහු පසුගියදා "ටුවෙන්ටි හිට්‌ස් ඉන් ටුවෙන්ටි ඉයර්ස්" කියලා ගීත ඇල්බමයකුත් එළිදැක්‌වූවා. ඒ වගේම පසුගියදා නිමාවුණු මෙගා ස්‌ටාර් වැඩසටහනේ විනිසුරුවෙක් ලෙසද වැඩකළා. එහිදී රජීව් අවසන් මහා රාත්‍රියට සහභාගි වෙලා හිටියේ නැහැ. මේ දේවල්වල ඇත්ත නැත්ත දැනගන්න අපි ඔහුට කතා කළා.
පසුගියදා එළිදැක්‌වුණු නිර්මාණ එකතුවෙන්ම කතාව පටන්ගත්තොත් ?
මගේ කලා ජීවිතේ අවුරුදු විස්‌ස සමරන්න ප්‍රසංගයක් පවත්වන්නයි හිටියෙ. නමුත් අවාසනාවකට BMICH එක අළුත්වැඩියා කරන නිසා මට ඒකට අවසරයක් නැහැ. ඒ හින්ද තමයි මම කැමති ආකාරයට ගීත විස්‌සක් කරලා මගේ වසර විස්‌ස සමරන්න හිතුවෙ.
ඒ කියන්නේ අවුරුදු විස්‌ස සමරන්න පවත්වනවා කිව්ව ප්‍රසංගය නැවතුණා කියන එකද?
ඔව්. මම BMICH එකේ හැර වෙන තැන්වල ප්‍රසංග පවත්වන්න කැමැති නැහැ.
ඇයි ඒකට ඔබේ සංගීත කණ්‌ඩායමේ නම යෙදුවෙ ?
සංගීත කණ්‌ඩායම නිසා තමයි මම ඉස්‌සරහට ආවේ. නැතුව මම තනි ගායකයෙක් විදිහට එළියට එන්න ආසාවක් තිබුණේ නැහැ.
සංගීත කණ්‌ඩායම ජනප්‍රිය නැතිනිසා එහි නම යෙදුව කිව්වොත් ?
නැහැ. සංගීත කණ්‌ඩායම තමයි මගේ හැම පටිගත කිරීමකටම සංගීතය සැපයුවේ.
මේ නිර්මාණ එකතුවෙ වැඩි හරියක් තිබෙන්නේ ඔබේ නිර්මාණ නේද?
ඔව්. එකක් සල්ලි ඉතිරි කරගන්න. අනික මම කැමැති මට හොඳයි කියල හිතන නිර්මාණ එකතුවක් කරන්න.
ඒ කියන්නේ මේ නිර්මාණය කළේ ලාභයක් උපයන්නද?
නැහැ. ලාභයක් එකතු කරගන්න බැරි හින්ද තමයි සල්ලි ඉතුරුකරගත්තෙ. ඒකට හේතුව අධික මිලක් වියදම් කරලා කරන සංයුක්‌ත තැටියක් හෙට සොච්චමකට පිටකොටුවෙ විකිණෙනවා. ඒත් එක්‌කම නූතන තාක්‍ෂණයට පිංසිද්ධවෙන්න ගීතැටි කොපි කරලා හැම තැනකටම යනවා.
ඔබ හිතන්නේ ඔබ ඇත්ත කතා කරන කෙනෙක් කියලද?
මම 85% ක් පමණ ඇත්ත කතා කරනවා.
හැබැයි ගොඩක් දෙනෙක් කියන්නේ සංගීතය ගැන රජීව් දන්න දෙයක් නැහැ කියලයි ?
කෙනෙකුට මම කරන ඕනෑම ප්‍රකාශයක් ගැන සංවාදයකට විවෘතයි. මම කරන ප්‍රකාශය විවේචනය කරනවා නම් ඒක නැවත සනාථ කරන්න මම බැඳිලා ඉන්නවා.
ක්‌ලැරන්ස් නැතිනම් ලංකාවේ රජීව් කියලා කෙනෙක් නැහැ කිව්වොත් ?
මම ලෝකෙ ජීවත්වන්නට ගීතය ගායනා කළේ 1999 වසරේ එක්‌තරා උපහාර උළෙලකට. නමුත් මම සංගීතය කරන්න පටන්ගත්තෙ 1990. ඔහොම කියන්නේ තරුපහේ හෝටලයකට වැස්‌සකටවත් නොගිය කෙනෙක්.
හැබැයි හැමෝටම එතැනට යන්න බැහැ නේද?
ඇත්ත. ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒකට හේතුව එතැනට එන්නෙ සුඛෝපභෝගී පන්තිය විතරයි. ඒ අතර මාව සීමිත පිරිසක් දැනගෙන හිටියා.
ඇයි මෙගා ස්‌ටාර් අවසන් රාත්‍රියට හිටියෙ නැත්තෙ ?
ඒ වෙනකොට මම ලංකාවේ හිටියෙ නැහැ. ඒකට හේතුව ඇමරිකාවේ ටෙක්‌සාස් ප්‍රාන්තයේ ඩලස් නුවර පැවැත්වුණු රාජකීය විද්‍යාලයේ ආදිසිසුවන්ගේ ඩිනර් ඩාන්ස් එකකට ගීත ගායනා කරන්න ආරාධනාවක් ලැබුණා. මම ඒ සඳහා ගියා.
නමුත් කතාවක් තිබෙනවා ඔබ අවසන් රාත්‍රියට හිටියෙ නැත්තේ ජීවිත තර්ජන හේතුවෙන් කියලා?
ඒක බොරුවක්. මට ජීවිත තර්ජන තිබුණේ නැහැ.
මෙගා ස්‌ටාර් වැඩසටහන ගැන ඔබට මොකද හිතෙන්නේ ?
අන්තිම දූෂිත වැඩසටහනක්.
ඔබ එහෙම කියන්නේ කොහොමද?
දූෂිතයි කියන්නේ මෙගා ස්‌ටාර් ආරම්භයේ සිටම දූෂිතයි කියන එක.
එහෙම කියන්න හේතුවක් තිබෙන්නෙ එපායෑ?
ගායකයෙකුගෙන් සජීවී ප්‍රසංගයකදී රසිකයන් බලාපොරොත්තු වෙන්නේ සජීවීව එම ගීතය ගායනා කරලා ඉදිරිපත් කරනවට. නමුත් මෙතැනදී තමන්ට කැමැති කැමැති ශබ්දාගාරවලට ගිහින් පටිගත කරගෙන ඇවිත් වේදිකාවේ බොරුවට කට හොල්ලනවා. එතැන තියෙන්නේ රංගනයක්. හොඳට නටලා ගායනා කරන කොට කෙනෙක් හිතන්න පුළුවන් ගායකයන්ට වඩා මොවුන් හොඳට නර්තනයත් සමග ගීත කියනවා කියලා. ඒක මොන බොරුවක්‌ද. ඉතිං මේක දූෂිත වෙන්න අංක එක ඒක නෙවෙයිද?
එතකොට අංක දෙක මොකක්‌ද?
සාමාන්‍යයෙන් මෙහෙම තෝරාගෙන ඇවිත් අපි අන්තිම මොහොතේ කියනවා තුන්දෙනෙක් ඉතිරිවන එකට හතරදෙනයි කියලා. ඒ ඇයි. මොකක්‌ද ඒකට හේතුව. ඒක ගැටලුවක් නොවෙයිද?
ඔබත් ඒ වෙලාව විනිසුරුවෙක් විදිහට එතැන හිටියනේ ?
ඔව්. එතැන වුණු දේ මම කියන්නම්. අන්තිම තරගකරුවන් හතරදෙනා ඉන්නකොට එනවා නිෂ්පාදන අංශයෙන් කෙනෙක්. අපි එතකොට විනිසුරුමඬුල්ලෙ වාඩිවෙලයි හිටියෙ. ඇවිත් කියනවා ඔයා දන්නවාද සුරේෂ් ගමගේ කියන්නේ විවර් ට්‍රැක්‌ෂන් එක අඩු කෙනෙක්. ඒ හින්ද අජිත් වීරසිංහ වගේ කෙනෙක් අන්තිම තුන්දෙනා අතරට ආවොත් මිනිස්‌සු උඩගිහිල්ල ඉඳියි. ඒක අමුතු සර්ප්‍රයිස් එකක් වේවි. ඒක මතක තියාගෙන ලකුණු දෙන්න. ඒ වෙලාවේ මමයි ෂර්ලියි මුහුණට මුහුණ බලාගත්තා. මොකද ඒ වෙනකං අපිට බලපෑමක් තිබුණේ නැහැ. මම බැලුවා එහෙනම් අපි මොකටද මෙතැන ඉන්නේ කියලා. හැමෝම අහනවා මම හිටියෙ නැත්තේ ඇයි කියලා. මම හිටියෑයි කියලා මොනවා කරන්නද?.
ඒ කියන්නේ නිෂ්පාදන අංශයෙන් ඔබට බලපෑම් කළා කියලනේ ?
ඔව්. නිෂ්පාදන අංශයෙන් බලපෑම් ආවා. හැබැයි මේ කතාව කියන්න ඕනෑ. ස්‌වර්ණවාහිනියට ඇඟිල්ල දික්‌කරද්දී අපි එකක් අමතක කරන්න හොඳ නැහැ. මහා සිංහලේ වංශකතාව, යෙහෙළි කවුද අපිට ගෙනත් දුන්නේ. එක වැරැද්දක් වුණා කියලා හොඳ මකල දාන්න මම කැමැති නැහැ. අනිත් එක මෙගා ස්‌ටාර් කියන කොහෙත්ම රියෑලිටි නොවන ප්‍රතිඵලයට එහි එදිරිසිංහ අධ්‍යක්‍ෂකවරු සම්බන්ධ නැහැ කියන එකත් මම දන්නවා.
Post a Comment