EXCLUSIVE : කතානායක චමල් රාපක්ෂ මංගලගේ පාර්ලිමේන්තු කතාව ප්‍රචාරය තහනම් කරයි

 නියම "  පොන්නයා "   කවුදැයි මංගල, කාදර් ඇතුළු පින් පොන් සීයලා - අයියලා - මල්ලිලා- නංගිලාට කියා දෙයි

අද ( 27/11)  පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තුවේදී කතා කළ එකසත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කතා කිරීම ආරම්බ කොට සුළු වෙලාවක් යත්ම ඔහුගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ල වූ අතර එය නොතකා හෙතම තම කතාව ඉදිරිට ගෙන යාමට උත්සහ කළේය. එවිට බාධා උග්‍ර අතට හැරුණු අතර එහිදී ගම්පොල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් විසින් පාර්ලිමේන්තුවට පත් කර නමුත් තමන්ගේ වාසි සඳහා මේ වන විට මහින්ද රාජපක්ෂ සමඟ එකතු වී සිටින කාදර් මන්ත්‍රීවරයා " පොන්නයා" යැයි සමරවීර මහතාට බැණ වැදුනි.

ඊට ක්ෂණිකව ප්‍රතිචාර ලබා දුන් මංගල සමරවීර මහතා, " නියම පොන්නයෝ කවුද කියල දන්නා අය හොඳටම දන්නවා. වෙනත් පක්ෂයක චන්ද වලින් පාර්ලිමේන්තුවට ගිහින් තමන්ගේ ආශාවන් ඉටු කරගන්නට ආණ්ඩුවට එකතු වුන අය තමයි නියම පොන්නයෝ," යයි පිළිතුරු ලබා දුන්නේය. එවිට ඇතැම් ආණ්ඩු පක්ෂයේම ජේෂ්ඨ ඇමතිවරුන් සිනහ වීමට පටන් ගත්තේ ආණ්ඩුවේ වාසි ලබා පැනපු අය දෙස සමච්චලයට මෙන් බලමිනි.

කාදර් වයසටවත් නොගැලපෙන ආකාරයෙන් තවත් මර්වින් සිල්වා කෙනෙකු මෙන් හැසිරීම බොහෝ දෙනෙකුගේ පිළිකුලට හේතු විය. එසේම දේශපාලන ලකුණු දා ගැනීමට හෝ කතානායක චමල් රාජපක්ෂ කාදර්ට විනයෙහි පිහිටුවා කටයුතු කරන්න යැයි වැදි බණ කිව්වේය.

නමුත් ඉන් පසු තමන්ගේ සැබෑ ගති ගුණ මොනවාදැයි ඔප්පු කළ කතානායක චමල් රාජපක්ෂ, මංගල සමරවීර පාර්ලිමේන්තුවේ කළ කතාව කිසිඳු මාධ්‍ය ආයතනයක පල නොකරන්නැයි නියෝග කර තිබේ. එම නියෝගයට හේතුව ඉන් ආණ්ඩුව බරපතල ලෙස විවිචනයට ලක් කරන හෙයිනි. Tell a Friend