EXCLUSIVE: ටිරාන් අලස් ආණ්ඩුව සමඟ රහස් ගනුදෙනුවක

 "මුලදී ටිරාන් අලස් , ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන් පිල මහතා හරහා ආරක්‍ෂක ලේකම්වරයාට කතා කොට කිසියම් එකඟතාවයක් ඇතිකරගැනීමට උත්සාහ ගෙන ඇති බවත්, ආරක්‍ෂක ලේකම්වරයා එකී ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ විට ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු වන තුෂාර ගූණරත්න හරහා හෙතම ජනාධිපතිවරයාට කතාකර ඇත."

ප්‍රජාතනත්‍රවාදී ජාතික සන්ධනයේ ජාතික ලැයිස්තු ධුර මන්ත්‍රී ටිරාන් අලස් මහතා , මේ වනවිට ආණ්ඩුව සමඟ එකතු වීම සඳහා රහස් සාකච්චා පවත්වන බව විස්වාශදායක ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

මේ වනවිට ටිරාන් අලස් තම පක්ෂය සමඟ සිතල යුද්ධයක් දියත් කොට ඇති අතර එහි ප්‍රතිපලය ලෙස පක්ෂයේ සිදුවන සියල්ල පවතින ආණ්ඩුවට වාසි දායක වන ආකාරයෙන් නිර්මාණය කිරීමට ඔහු ක්‍රියා කරමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.

මේ අතර, ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම සඳහා තමා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම මහා පාවාදීමක් ලෙසට කෑ කෝ ගසන සමහර දේශපාලනඥයන්, දැන් ජනාධිපතිවරයා සමගත් ආරක්‍ෂක ලේකම්වරයා සමගත් හොර රහසින් කතාබහ කරන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැවැති එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේදී පැවසිය.

අපට වාර්තා වන අන්දමට මුලදී
ටිරාන් අලස් , ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන් පිල මහතා හරහා ආරක්‍ෂක ලේකම්වරයාට කතා කොට කිසියම් එකඟතාවයක් ඇතිකරගැනීමට උත්සාහ ගෙන ඇති බවත්, ආරක්‍ෂක ලේකම්වරයා එකී ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ විට ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු වන තුෂාර ගූණරත්න හරහා හෙතම ජනාධිපතිවරයාට කතාකර ඇති බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් පසුගියදා සංවිධානය කර තිබූ ‘‘කළු විරෝධතාවයේදී කිසිදු කලබලයක් නොකරන බවට මෙම මන්ත‍්‍රීවරයා සහ ආදල මාධ්‍යවේදියා ජනාධිපතිවරයාට සහතික වී ඇතැයිද එජාප නායකයා මෙහිදී පැවසීය.

ටිරාන් අලස් වුර්තියෙන් ව්‍යාපාරිකයකු වන
අතර රාජපක්ෂ, කොටි සංවිධානය සමඟ ඇති කරගත් මුල්‍යම ගනුදෙනුවේ තැරව් කරු ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත පසු රාජපක්ෂ ආණ්ඩුව ඔහුට විරුද්ධව කටයුතු කාලයේ. ඔහු විසින් ආරම්භ කළ ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් ආයතනය රාජපක්ෂ ආණ්ඩුව විසින් වසා දැමීමට සහ එහි සිටි ඇතැම් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට පවා ක්‍රියා කළේය. Tell a Friend