පාන් පිටි ත්‍රස්තවාදයට එරෙහිව විමල් වීරවංශ කුඹුරට බසී.

"ගොවියා බෝග වගා කර එහි අස්වනු ගෙදර ගෙනෙන විට එම අපේකම රැඳුනු අපේ ආහාර ගෙදර දරු දැරියන්ට උයා පිහා දීමට අපේ ගෘහණියන් පුරුදු පුහුණු විය යුතුය. අද ස්වෛරීභාවය අවදානමකට ලක් වන්නේ විදේශ හමුදාවක් පැමිණ තම රාජ්‍යය ආක‍්‍රමණය කළහොත් පමණක් නොව, යම් රටක් තනිකර වෙනත් රටවලින් ආනයනය කරන ආහාර මතම යැපෙන්නේ නම්, එම අවස්ථාවේදී ද සිදු වන්නේ ඒ රාජ්‍යයේ ස්වෛරීභාවය අවදානමකට ලක්වීම බව මතක තබා ගත යුතු", යැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කරයි.

වීරවංශ මේ බව පවසා සිටියේ අද දින ඔරුවල නාගහදෙණිය වෙල්යායේදී පැවති වප් මගුල් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිණි. ඔරුවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ශාන්තාලෝකගම පැරකුම් ගොවි සමිතිය මෙම වප් මගුල් උළෙල සංවිධානය කර තිබූණි. මේ අවස්ථාවට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උයද ගම්මන්පිල මහතා ප‍්‍රමුඛ පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මැති ඇමතිවරුද, සම්භාවණීය අමුත්තන් පිරිසක්ද සහභාගි විය.
Tell a Friend