EXCLUSIVE: ලීඩර් කතුවරිය ඝාතනය කොට ෆොන්සේකා මත වරද පැටවීමේ සැලසුමක් !


සුදු කොඩි නඩුව විභාග වෙමින් තිබෙන මේ දිනවලදී එහි පැමිණිලි පාර්ශවයේ ප්‍රධාන සාක්ෂි කාරිය වන ෆෙඩ්රිකා ජෑන්ස් ඝාතනය කොට එය ජනරාල් ෆෙන්සේකාගේ ආධාරකරුවන් වෙත පැටවීමේ බිහිසුණු සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියට රජයේ බුද්ධි අංශයට සම්බන්ධ විස්වාශදයක ආරංචි මාර්ගයක් මීට සුළු වෙලාවකට ප්‍රථම සැල කොට සිටියේය.

සුදුකොඩි කතාව සඳහා අද දෙවන දිනටත් සාක්ෂි දීමට පැමිණි සන්ඩේ ලීඩර් කතුවරිය එහිදී තමන් අදාල සම්මුඛ සාකච්චාව පැවැත් වූ අවස්ථවේදී යොදාගත් සටහන් පොතේ පිටු රහස් පොලිසිය විසින් ඉරා දමා ඇති බවටත් එවැනි තත්වයේ සටහන් පොතක් තමන් අදාල නිලධාරීන්ට භාරනොදුන් බවත් සන්ඩේ ලීඩර් කතුවරිය වන ෆෙඩ්රිකා ජෑන්ස් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟ අදාල නඩුව සඳහා රජයේ පාර්ශවය හෙවත් පැමිණිලි පාර්ශවයට අදාල ශාක්ෂි වල බරපතල ගැටලු ඇතිවන බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. එහෙත් ආණ්ඩුව විසින් අදාල කරණය පමණ ඉකමව දේශපාන කටයුතු සඳහා පාවිච්චි කළ අතර එය නීතිමය වශයෙන් ඔප්පු කළ හැකිවන්නේ පිළිගත හැකි සාක්ෂි වලින් පමණි. නමුත් ඒ සඳහා රජය අසමත් වුවහොත් අදාල කතුවරියගේ ජීවිතයට අනතුරක් කොට පවතින තත්වය වෙනස් කිරීමට හැකි වන්නේ යැයි ආණ්ඩුවේ ඉහල පෙළේ අයගේ මතය වී තිබේ.


සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතුවරයාද සන්නද්ධ පිරිසක් විසින් ඝාතනය කළේය. මේ අතර පසුගියදා මර්වින් සිල්වා ඇමතිවරයා අදාල ඝාතනය, ජනරාල් සරත් ෆොන්සේකා විසින් කළ බවට ශාක්ෂි තමන් සතු බව ප්‍රසිද්ධියේ කියා සිටියේය. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මේ පිළිබඳව අපට අදහස් දක්වූ ආණ්ඩුවේ ඉහළ පෙළේ ඇමතිවරයෙකු කියා සිටියේ, " විමල් වීරවංසත් අර උඩ පැනගෙන කරපු මාරාන්තික උපවාසයට බාධා කරපු පොලිස් නිලධාරීන් යූ.එන්. එකෙන් පගාව ගත්ත කිව්වේ. සාක්ෂිත් තියෙනව කිව්වේ. නමුත් මොකද වුනේ? කිලෝතුනක් එයාගේ බර අඩු වුණ එක විතරයිනේ." කියාය. Tell a Friend