සුදුකොඩි නඩුව: "සටහන් පොත රහස් පොලිසියේදී ඉරා දමලා "


 "හැමදාම පාවිච්චි කරන පටිගත කිරීමේ යන්ත්‍රය පාවිච්චි කොකර පොත පාවිච්චි කළා" - කතුවරිය සුදුකොඩි කතාවට සාක්ෂි බඳියි "


සම්මුඛ සාකච්ඡා පවත්වන විට පටිගත කරමේ යන්ත්‍රය පාවිච්චි කරන නමුත් හිටපු හමුදාපති ජනරාල් ෆොන්සේකා සමග පැවැත්වු සාකච්ඡාවේ දී සටහන් පොත පමණක් පාවිච්චි කළැයි සන්ඩේ ලීඩර් කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩය හමුවේ අද දෙවැනි දිනයටත් සාක්කි දුන්නාය. තමා රහස් පොලිසියට බාරදුන් සටහන් පොත හොඳින් තිබු බවත් එහෙත් උසාවියේ ඇත්තේ පිටු ඉරිගිය කැඩිගිය පොතක් බවත් පිටු ගැලැවී ඇත්තේ ඇයි දැයි නොදන්නා බවත් එහෙත් සියලූ පිටු ඇති බවත් ඇය කීවාය.


යුද්යේ අවසන් දිනයන්හි සුදු කොඩි රැගෙන එන කොටි නායකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශවේන්ද්‍ර සිල්වාට කීවේයැයි සන්ඩේ ලීඩර් පත්‍රයට ප්‍රකාශයක් කළැයි ජනරාල් ෆෝනසේකාට එරෙහිව මේ නඩුව පවරා ඇත. ෆොන්සේකා තමාට කළ ප්‍රකාශය තහවුරු කර ගැනීමට ඇමැතිවරුන් කිහිපදෙනෙකුටම කතා කළත් ඔවුන්ගෙන් පැහැදිලි උත්තරයක් නොලැබුණු බව ද ඇය කීවාය. තම සේවා දායකයාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට ඉඩකඩ සලස්වමින් නඩු විභාගය පවත්වන්නැයි ජනරාල් ෆොන්සේකාගේ නිතිඥ නලීන් ලද්දූවහෙටි මහතා ඉල්ලා සිටියේය.


කොටි ප්‍රහාරයකින් වූ තුවාල ලබා සිටින පොන්සේකාගේ සිරුරේ ලෝහ කොටස් ඇති නිසා ව්‍යායාම් ඔහුට අවැසි හෙයින් ඊට ද පහසුකම් සලසන්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම පහසුකම් සලසන ලෙස උසාවිය බන්ධනාගාරයට දැන්විය. යළි විභාගය ලබන 11 වැනිදාට කල් ගියේය.


Tell a Friend