පොලිස් සාජන්වරයෙක් තරුණයෙකු ගස් බඳියි : පොළොන්නරුවේ, ජයන්තිපුර හි පිහිටි බැදිවැව , අංක 34 නිවසේ පදිංචි 28 හැවිරිදි එච්. ඒ. පරාක්‍රම කරුණාරත්න තම නිවස ඉදිරිපිට සිදුවන සුදුව නැවත්වීම සඳහා පොලිසිට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ පසුගිය අප්‍රේල් මාසයේදීය. පසුව හෙතම තම පැමිණිල්ලට වුණේ කුමක්දැයි දැන ගැනීමට අදාල පොලිසිය එනම් මාඔය පොලිස් ස්ථානයට ගිය විට පැමිණිල්ල බාරගත් පොලිස් සාජන් සේනාරත්න නමැත්තා ඔහුට පහරදී, එක් අතක් සහ කකුලක් එක්කර මාංචු දැමු අතර. ඔහුගේ අනෙක් අත ගහකට තබා මාංචු දමා ඇත. කරණයට හේතුව මෙම සාජන් වරයාගේ ඥාතියෙකු විසින් අදාල සුදුව පවත්වාගෙන යෑමයි. මෙය සමාජයේ පැලපදියම් වී ඇති මානසික තත්වය සිදිමය වශයෙන් මතුපිටට පැමිණීමකි.
බැසිල් ප්‍රනාන්දු
ඉහත චිත්‍රය සාකච්චා කිරීමට බලාපොරොත්තු වන කාරණය වඩාත් හොදින් පැහැදිලි කොට තිබේ. එයින් දැක්වෙන්නේ තමන්ගේ නිවස ඉදිරිපිට නිතිවිරෝධිව සුදු කෙළමින් සිටි පිරිසකට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීමට ගිය තරුණයෙකුට මුහුණ දීමට සිදු වූ අභාග්‍ය සම්පන්න ඉරණමයි. වාර්තා වන අන්දමට තමන් විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලට සිදු වූ දෙය දැන ගැනීම සඳහා පොලිසියට ගිය ඔහු ගහක බැඳ දැමීමට අදාල පැමිණිල්ල භාරගත් සාජන් වරයා කටයුතු කළේය. ඔහුගේ එක් අතක් සහ පාදයක් එක් කොට මාංචු දැමු අදාල පොලිස් සාජන් වරයා. අනෙක් අත ගහක අත්තකට තබා මාංචු දමා ඇත.
මෙය නාටකයක කොටසක් නොවේ. ලංකාවේ එදිනෙදා ජීවිතය තුළදී සිදු වන අභාග්‍ය සම්පන්න සිදුවීම් වලින් එකකි. සාමාන්‍ය මිනිසුන් නැවැරදි දෑ කිරීමම අපහසුතාවලට මුහුණදීමට හේතුව වන අතර වැරදි කරන්නාට ලබා ගැනීමට නොහැකි දෙයක් නැත. යුක්තිද චුදිතයට පක්ෂව සිදුවන්නේ වින්දිතයා තව තවත් අපේක්ෂා භංගත්වයට පත් කරමිනි.
නීතියක් නැති රටක නීතිය කඩන්නා එකම නීතිය වේ. එය මානව තේරුම් ගැනීමට ඉහත සිද්දිය පමණක් වුවද ප්‍රයෝජනවත් වේ. මේ සඳහා හේතුව කුමක්ද? එය ඉතා සරලය එනම් 1978 දී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඉන් තමන්ගේ පුද්ගලික වුවමනා එපාකම් පමණක් ගැන සිතන එහි අනුගාමිකයින් පිරිසක් බිහි වීමය. ව්‍යවස්ථාවේ කතුවරයා පමණක් නොව එය වැරදි යැයි දැන දැන පාවිච්චි කිරීමද එක හා සමාන වැරදිය. එමගින් රටේ සමස්තයක් ලෙස නීතිය සහ විනය ඝාතනය කළේය. නීතියට ඉහලින් පුගලයෙක් තබා ඔහු/ ඇය රටේ නීතිය බවට පත් කළේය. මෙහි ඇති ආදීනව තේරුම් ගැනීමට නොහැකිනම් ලංකාව ගැන කිසිවක් තේරුම් ගත නොහැකිය.
යමක් පාලනයෙන් තොර වූ කල්හි එය වල් වදින අතර එහි විපාක වල සීමාව කොතෙක්දැයි අනුමාන කළ නොහැකිය. ඒ තරමට එය බරපතල වේ. සැමදෙනාටම පොදුවේ භුක්ති විඳිය හැකි නීතියක් නොමැත්තේ නම්, සිදුවන දුෂණ වැලක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිනම්, එවන් රටක් මුහුණ දෙන තත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.
Post a Comment