මෙසේ මිය ගොස් ඇත්තේ පොලොන්නරුව, කඳුරුවෙල, ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි ඩී. ගීතිකා කුමාරිද සිල්වා නමැති 30 හැවිරිදි කතකි. ඇය මෙම එන්නත දැනට වසර 03 ක පමණ කාලයක සිට සති 04 කට වතාවක් නොකඩවා ලබා ගන්නා බවත් හෘදය වස්‌තුවේ ඇති විය හැකි ආසාදන තත්ත්වයක් වැළැක්‌වීම සඳහා එය එන්නත් කරවා ගන්නා බවත් පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍ය නිලධාරියෙක් පැවැසීය.
ඉකුත් සිකුරාදා (15 දා) පෙරවරුවේත් බෙන්සමින් පෙනිසීලින් නැමැති මෙම එන්නත වෛද්‍ය නිර්දේශ මත ලබාදී නොබෝ වේලාවකින් අසාදිත තත්ත්වයක් ඇතිවී රෝහල්ගත කොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින පස්‌වරුවේ මිය ගොස් ඇත.
ඇයගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පොලොන්නරුව මහෙස්‌ත්‍රාත් රංජන් සිසිර කුමාර මහතා විසින් සෙනසුරාදා (16 දා) පෙවරුවේ පවත්වනු ලැබූ අතර මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් සිදුකරන ලෙස නියෝග කළේය.
Post a Comment