ටෙලි නිළියකගේ නිවසින් අවි සමඟ පුපුරන ද්‍රව්‍ය සොයා ගනියි

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළියකගේ නිවසේ තිබී අත්බෝම්බයක්, ටී 56 මැගසින් 2 ක් සහ පතුරොම් කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ ලැබුණු තොරතුරක් මත මෙම නිළියගේ තලවතුගොඩ පිහිටි නිවස පරීක්‍ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවයි. කෙසේවුවද මෙම පුපුරණ ද්‍රව්‍ය පිළිබද තමන් හෝ තම මව කිසිවක් නොදන්නා බව ඇය පවසා ඇති අතර පොලීසිය පැවසුවේ මෙම නිළිය හා ඇයගේ මව මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. Tell a Friend