සමාව අයෑදීමෙන් පසු ඉතියෝපියානු විරුද්ධ පක්‍ෂ නායිකාවට නිදහස

ඉතියෝපියාවේ ප්‍රබල විපක්‍ෂ නායිකාව වන බර්ටුනන් මිදෙස්‌කා බන්ධනාගාරයෙන් නිදහස්‌ කළ බව ඉතියෝපියානු රජය පසුගියදා ප්‍රකාශ කළේය. ඈ වසර දෙකක කාලයක්‌ සිරගතව සිටි අතර ඈ කළ සමාව ඉල්ලීම සලකා බලා මෙවැනි තීරණයක්‌ ගත් බව රජය පවසයි. ඈ 2008 වසරේ අගභාගයේ සිට සිරගත කොට තිබුණි.


2005 වසරේ පැවැති මහ මැතිවරණයට පසු ඈ ඇතුළු විරුද්ධ පාක්‍ෂිකයෝ 100 ක්‌ පමණ අත්අඩංගුවට ගෙන රාජෙද්‍රdaහී ලෙස කටයුතු කළාය යන චෝදනාව මත සිරගත කර ඇත. 2007 වසරේදී ඈ රජය සමග ගිවිසුමකට පිවිසීමෙන් පසු නිදහස්‌ කරනු ලැබූවාය.


එහෙත් 2008 වසරේදී ස්‌වීඩනයේදී ඈ කළ ප්‍රකාශයක්‌ මත නැවත සිරගත කරනු ලැබුවාය. එහිදී ඈ ප්‍රකාශ කළේ ඈ රජය සමග අත්සන් කළ ගිවිසුම දේශපාලනමය වශයෙන් සකස්‌ කරනු ලැබූවක්‌ බවය.


ඈ නිදහස්‌ කරනු ලැබුවේ ඉතියෝපියානු අගමැති මෙලස්‌ සේනා වි සිවුවැනි වරටත් අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමත් සමගය. අගමැතිවරයාගේ නිල කාලය වසර පහකි. සේනාවි ඉතියෝපියාවේ බලයට පත්වූයේ 1991 වසරේ සිදු වූ කුමන්ත්‍රණයකින් පසුවය.


2010 පැවැති මහ මැතිවරණයෙන් වර්තමාන අගමැතිවරයා විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත්පත්කර ගත්තේය. බර්ටුනන් සිරගතව සිටි නිසා ඈ නියෝජනය කළ සියලු දෙනාට අත් වූයේ මහත් පරාජයකි.


ඈ නිදහස්‌ කිරීමෙන් පසු අඩීස්‌ අබාබා හි පිහිටි ඇගේ නිවස කරා පැමිණියේ ජය ඝෝෂා මධ්‍යයේය.


මෙහිදී ඈ පුවත්පත්වලට ප්‍රකාශ කළේ ඈ සමාව ඉල්ලු බවය. ඈ නැවත දේශපාලනයට පිවිසෙන්නේද නැද්ද යන්න ගැන ඈ විසින් ප්‍රකාශ නොකළාය. " ඒ ප්‍රශ්නය අනාගතයේදී සාකච්ඡා කරමු" ඒ ඇගේ පිළිතුර වූවාය. Tell a Friend