ශ්‍රී ලංකාව මිලිටරියක් වෙයි; සියලු සිවිල් ආයතන වලට ඉහලින් හමුදාව

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයකම හමුදා රෙජිමේන්තුවක් සහ විශේෂ කාර්ය බලකායේ දිස්ත්‍රික් ඒකකයක් ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති තීරණය ලංකාවේ සියලුම සිවිල් ආයතන වලට ඉහලින් හමුදාව තැබීමක් බවත් එය පුර්ණ මිලිටරිකරණයකට රට නතු කිරීමක් බව ආණ්ඩුවේ ජෙය්ෂ්ට පරිපාලන නිලධාරියෙකු අපට පැවසිය. මෙවැන්නක් දැක ගත හැක්කේ බුරුමය වැනි රටවල බවත් මින් පසු කිසිවෙකුට ආණ්ඩුවට විරුද්ධව කතා කිරීමට හෝ ප්‍රචාර ක‍ටයුතු කරගෙන යෑමට කිසිඳු අයිතියක් නැති බවත් හෙතම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. Tell a Friend