සරත් ෆොන්සේකාට බන්ධනාගාරයේ දැඩි රැකවරණ

සරත් ෆොන්සේකා මහතා එවකට හමුදාපතිවරයා ලෙස ක්‍රියා කරද්දී හමුදා අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් නියමව සිටින හමුදා භටයන් කීප දෙනකු හා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ද වැලිකඩ බන්ධනාගාරයේ පසුවෙන නිසා ඔහුට දැඩි රැකවරණ සලසා තිබෙන බව බන්ධනාගාර නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය මත ෆොන්සේකා මහතා රඳවා සිටින ශාලාව වටා කම්බි වැටක්‌ ද තනා ඇත.


මේ අතර මෙසේ බන්ධනාගාරගත වී සිටින හමුදා භටයන් කීප දෙනා කිසිම ආකාරයකින් වත් සරත් ෆොන්සේකා මහතාගේ මුහුණට හමුවීමට ඉඩ දෙන්නේ නැතැයි බන්ධනාගාරය කියයි. Tell a Friend