නාවික හමුදා සෙබළු 4 දෙනෙක් කෝටි 2 1/2ක ඉන්ධන වංචාවක

රුපියල් ලක්‍ෂ 239 ක පමණ වටිනාකමකින් යුතු නාවික හමුදා සෙබලූන් සිව් දෙනෙකු සිදුකර ඇති ඉන්ධන වංචාවක් පිළිබද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. සැකකාර නාවික හමුදා සෙබලූන් සිව් දෙනාද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔවුන් රංගල නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කල අය වෙයි. රජයේ වාහනවලට ඉන්ධන ලබාදීම සදහා නිකුත් කරන පොත් උපයෝගී කර ගනිමින් සැකකරුවන් මෙම වංචාව සිදුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 2007 වසරේ සිට 2009 වසර දක්වා ඉන්ධන බවුසර 11 ක ඉන්ධන ලබාගනිමින් මෙම වංචාව සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. එම ඉන්ධන සියල්ල සැකකරුවන් පෞද්ගලික අංශයට විකුණා ඇත. Tell a Friend