මගේ වැඩ ඉවර වෙන්නේ ෆොන්සේකා හිඟන්නෙක් වුන දාට - ආරක්ෂක (ඇමති ) ලේකම් ගෝඨාබය


හමුදාවේ කොන්ද කඩා ජෙෂ්ටයෝ සියල්ලම නපුංසකයෝ කරලා


හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා වැලිකඩට හොර පාරෙන් යවා ජම්පරය ඇන්දුවා සේම ඔහු හිගන්නෙක් බවට පත් කිරීම සහ ඉන්පසු තමන් ඉදිරියේ දන බිම ගසනවා දැකීම තම ජිවිතයේ එකම සතුට හා අරමුණ බව ගෝඨාබය රාජපක්ෂ තම හිතවතුන් පිරිසකට ප්‍රකාශ කර ඇතැයි ඉතා විස්වාශාදයක ආරංචි මාර්ගයකින් අපට වාර්තා වේ. අදාල පුරසාරම හෙතම දොඩන විට යුධ හමුදාවේ සියලු තොරතුරු සපයමින් කේලම් කියන කාන්තාවකගේ චරිතය රංග පෑ එක්තරා ජෙෂ්ට ජනරාල් වරයෙකුද සිටි ඇති අතර. එහිදී හෙතම අන්න හරි යයි ප්‍රකාශ කොට ඇත.


මේ අතර, පසුගියදා ජනරාල් ෆොන්සේකා හට දඬුවම අනුමත කළ බව දැනුම් දුන් මාධ්‍ය සාකච්චාවේදී, මේජර් ජනරාල් උබය මැදවෙල නමැති හමුදා ප්‍රකාශකයා, එහිදී ජනරාල් ෆොන්සේකාට " මහතා" ලෙසවත් ආමන්ත්‍රණය නොකිරීමට හේතුව වී ඇත්තේ , ගෝඨාබයගේ ඉල්ලීමට බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. අපට අදහස් දැක් වූ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සඳහන් කළේ, " ලංකාවේ කීර්තිමත් හමුදාවට තිබු කොන්ද රාජපක්ෂගේ තුප්පහි දේශපාලන වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා කඩා ඇති බවත්, මුළු හමුදාවම නපුන්සකයින් යටතට පත් කොට ඇති බවත්ය." මෙය මුළු ජාතියේම ඛේදවාචකයක් බව හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.
Tell a Friend