තුන්කල් නොදුටු තුන්කල් දැක්ම

තුන් කල් නොදුටු තුන්කල් දැක්ම ඩේලිමිරර් කැමරා ඇසට හසුව තිබූ ආකාරයයි මේ.

by Beyond Frame


තුන්කල් දැක්ම යනු විමල් වීරවංශගේ නවතම වීදි නාට්‍යයයි.ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ තියන්නේ නැතිව මේ මඩවලට ගෙනාවේ ඔහු ශාලා නාට්‍යවලට වඩා වීදී නාට්‍යවලට කැමැත්තක් දක්වන නිසා ය.


එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ කළ වීදි නාට්‍යයෙන් සිය ප්‍රතිරූපයට යම් හානියක් වුනා නම් එය අවම කරගන්නට ඔහු මෙයින් උත්සහ දැරුවේ ය. පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පැවැත්වූ ඔහුගේ සැණකෙලිය වැස්සට සේදී ගිය අතර එහි පැමිණි පිරිස ඇතිවන්නට ක්‍රීඩාංගනය මඩවා තිබුනේ ය.


ඔහුගේ අලෙවිකරණය ගැන නම් පැසසිය යුතු ය. විශාල ආයාසයක් දරා ලංකාවේ මිනිසුන්ට විකිණිය හැකි ලෙස ඔහු ඔහුගේ ප්‍රතිරූපය පෙල ගස්වා තිබුනේ ය. ඒ සදහා විශාල වියදමක් දරා තිබිණි.


එකම අඩුවකට තිබුනේ මේ දිනවල වහින බවත් එසේ වැස්සහම ක්‍රීඩාංගනය වතුරින් පිරෙන බවත් මඩවෙන බවත් ඔහුගේ තුන්කල් දැක්මට හසුව නොතිබීම ය. ඒ නිසා එය වැස්සට සේදී මඩ වුනේ ය.


ඒ නිසාම තුන්කල් නොදුටු තුන්කල් දැක්මක් ලෙස එය ලංකාවේ ඉතිහාසයට එක්වන්නේ ය.


තුංමුල්ල හංදියේ සංකේත මඩ නාගත් විමල් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ දී ඇත්ත මඩ අනා ගත්තේ ය. කොහොමටත් අනුන්ට මඩ ගසා පුරුදු ඔහුට මේ මඩ මඩක් ලෙස පෙනෙන්නට නැත.


ස්වභාවධර්මය පවා මේ පෝරිසාදයාට දඩුවම් දුන්නා යැයි කියමින් විද්‍යාවට නිගරු කරන්නට ‍අපේ අදහසක් නැත. එහෙත් තුන්කල් නොදකින මෝඩයින්ට වරදින්නට ගියහම වරදින්නේ තොග පිටින් බව කියන්නට ස්වභාවධර්මය මෙහිදී උදව් වූ බව නොකියා බැරි ය. Tell a Friend