සිංහලයින් 800 යාපනයේ ඉඩම් ඉල්ලති

1983 දී ඇති වූ ජාතිවාදී කෝලාහලවලින් පසු ගම් බිම් අත්හැර යාපනයෙන් පලා ආ සිංහල ජාතිකයින් 800 ක් පමණ යළිත් තම ප්‍රදේශවලට ගොස් තමන්ට හිමි ඉඩම ලබා දෙන්නයි ඉල්ලීම් කරති. මෙසේ යාපනයට පැමිණි පිරිස යාපනයේ දුම්රිය ස්ථානයේ සහ දොරේ අප්පා ක්‍රීඩාංගනයේ රැඳී සිටින බව වාර්තා වේ. ඔවුන් යපනගේ දිසාපති හමු වී ගැටලුව සම්බන්දයෙන් කතා කළ නමුත් උතුරු පළාතේ ආණ්ඩුකාර මේජර් ජනරාල් චන්ද්‍රසිරි කියා සිටියේ තමන් අදාල කරණය ගැන කිසිවක් නොදන්නා බවයි. Tell a Friend