මන්ත්‍රී ධුරය අහිමි උනා කිව්වට අහිමිම නෑ " - සන්ධානය කියයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතැයි නොසලකන ලෙස පෝල් රත්නායක නීතිඥ සමාගම විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත හා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මෙම ඉල්ලීම අද (07) ලිඛිතව ඉදිරිපත් කරනු ලැබීය. සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය හිස් වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත කරනු ලැබූ දැනුම්දීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට මෙම ලිපිය යවා තිබේ.


සරත් ෆොන්සේකා මහතා වරදකරු කර තිඛෙන්නේ සිවිල් අධිකරණයකින් නොවන අතර ඔහුට දඬුවම් ලබා දී ඇත්තේ යුධ අධිකරණයක් මගිනි. යුධ අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ යටතට ගැනෙන්නේ නැත. එම නිසා යුධ අධිකරණයක් විසින් දෙනු ලබන ද~ුවමක් හේතුවෙන් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ නොහැකි බව එම ලිපියේ දැක්වේ.


එම නිසා, ඉහත දඬුවම හේතුවෙන් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය හිස් වීමක් සිදු වී ඇතැයි නොසලකන ලෙසද එමගින් ඉල්ලා ඇත. එමෙන්ම, දෙවැනි යුධ අධිකරණ තීන්දුවට විරුද්ධව සරත් ෆොන්සේකා මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබ ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Tell a Friend