විහිළුවක් වූ රාජපක්ෂගේ ඇමෙරිකානු ගමනේ අතුරු කතා

ලංකාවේ විදේශ සේවාවල අමනයින් රටේ කිර්තිය කෙළසූ හැටි


ටික්කාගේ කොලම


ජනාධිපති රාජපක්ෂ තම ඇමෙරිකානු සංචාරය ගැන තමන්ගේ මාධ්‍ය පාවිච්චි කොට සිදුකරන ප්‍රචාර වලට හාත්පසින්ම වෙනත් දෙයක් සිදු වූ බව දැන් ඉතා හොඳින් පැහැදිලි වී තිබේ. මේ නිසා ඇතැම් රාත්‍රී ගෙවා දැමීමට ජනාධිපතිවරයාට සිදු වූයේ බීමතින් මෙන්ම ඒ අතර ශිරන්ති මහත්මිය සමඟ ජනධිපතිවරයා බහින් බස් වූ අවස්ථාවන්ද වාර්තා වේ. රාජපක්ෂ එකසත් ජාතීන්ගේ සමුළුව ඇමතු අවස්ථාවේදී විශාල පිරිසක් එය වර්ජනය කර තිබුණි. ඇතැම් වාර්තා පෙන්වා දෙන අන්දමට බොහොමයක් මාධ්‍යන්ද අදාල දේශනය ආවරණය කිරීම සඳහා කිසිඳු සැලකිල්ලක් දක්වා නැත. එසේම සමුළුවෙන් පසු සංවිධානය කළ උත්සවයට කිසිම රජය නායකයෙකු පැමිණ නොමැති අතර, ඉරාන ජනාධිපතිවරයාද එයට සහබාගි නොවෙමින් තමන්ගේ විදේශ ඇමතිවරයා ඉතා සුළු වෙලාවකට පමණක් එහි යැවීමට තීරණය කළේය. අවසානයේ සිදු වී ඇත්තේ එකිනෙකාට චෝදනා කර ගැනීමටය.


මේ අතර ශිරන්ති මහත්මිය, ජනාධිපති ඔබාමාගේ බිරිඳ වන මිචෙල් සමඟ පැවැත්වූ යේ යයි කියන සාකච්චාව මුලාවක් බව වාර්තා වේ. එහිදී සිදු වී ඇත්තේ, මීට පෙර අවස්ථා වලදී හෝටල් වල සංවිධානය කරන සියලුම රටවල ජනාධිපතිවරුන්ගේ බිරින්දෑ වරුන්ට ලබා දෙන කෑම වේල මෙවර විවුර්ත ප්‍රදේශයක පැවැත්වීමෙන් තම තමාට රිසි සේ චායාරුප ගැනීමට අවස්ථාව සලස්වා තිබීමය.


මේ සියලුම අකරදබ්බයන් වලට හේතුව පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ විදේශ සේවාවන් වල කටයුතු සඳහා මෙලොව හසරක් නොදන්නා කේලම් කාරයින් සහ කාරනියන් පත් කිරීම බව අපට වාර්තා වේ. විශේෂයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේම එකසත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ සේවය කරන ඇතැමුන් මෙහි වග උත්තර කරුවන් බව කිව යුතුය. ජනාධිපති මාමා නැත්නම් අයියා එනකම් බලාගෙන සිටි ඇතැමුන් වුර්තියෙන් කේලම් කාරනියන් සේම ලිංගික වහලුන් මිස ඔවුන් දන්නා " ඩිප්ලෝමටික්" නැත. ගෝඨා බාප්පාගේ ආදරණිය දියණිය කරන විගඩම දෙස සියල්ලෝම සිනහ වෙන බවත් ඇතැම් ආත්මගරුත්වයක් ඇති පිරිස් සේවයෙන් ඉවත්ව යන බවත් වාර්තා වේ. ඇය පිළිබඳව එක තානාපති නිලධාරියෙකු කියා සිටියේ, " ශි ඊස් අබ්සොලුටලී ක්‍රප්" ( ඒක මහා ගූ ගොඩක් ) කියාය.


එසේම වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද එකම කසල ගොඩකි. අදාල තානාපති වරය තවමත් තමන්ගේ ආරක්ෂකයින් ලෙස පාවිච්චි කරන්නේ, ජනරාල් සරත් ෆොන්සේකා සමඟ ඇමෙරිකාවට ගිය හමුදා සෙබළුන් තුන් දෙනෙකි. ඔවුන්ට රියැදුර, උයන්නා සහ අප්පු ලෙස නම් දී ඇති අදාල තානාපති වරයා තම වරප්‍රසාද බාවිතා කරමින් ඔවුහු රඳවාගෙන සිටින බව වාර්තා වේ. ව්‍යාපාරිකයෙකුට නතු වූ ලොස් අනජලිස් වල පිහිටි ශ්‍රී ලන්කන් කොන්සල් කාර්යාලයද මීට දෙවැනි නැත. ලංකාවේ තානාපති සේවය මේ ආකාරයෙන් තම තමන්ගේ බුදලක් කරගෙන සිටින පිරිසට නතු වී තිබේ. එය රටේ කීර්ති නාමය මේ වන විටත් කෙළසා අවසන්ය. රාජපක්ෂගේ ඇමෙරිකානු ගමන එකම කසල ගොඩක් සහ මහජන මුදල් කාබාසිනියා කළ අසමජ්ජතින් පිරිසකගේ කටයුත්තක් පමණක් වුයේ ඒ නිසාය. Tell a Friend