පාන් මිලත් ඉහළට


ඊයේ රාත්‍රියේ සිට පන් පිටි කිලෝව රුපියල් 8 ශත 33 කින් ඉහල යාමත් සමඟ තිරිඟු පිටි මඟින් නිෂ්පාදනය කරන සියලුම ආහාර වල මිල ගණන් ඒ හා සමගාමිව ඉහල ගොස් තිබේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ ආණ්ඩුවෙන් මේ වන විට පන් පිටි පරිබෝජනය අඩු කිරීම සඳහා ප්‍රබල ප්‍රචාරණයක් කරගෙන යන බවයි. කෙසේ වෙතත් හෙතම වැඩිදුරත් අදහස් දක්වමින් සඳහන් කළේ කුමන ගැටලූ පැමිණියත් පන් පිටි පරෝබෝජන්යේ අඩුවක් මේ වන විට වාර්තා වී නැති බවයි.


පසුගිය සැප්තැම්බර් 10 වනදා සිට පන් රාත්තලක මිල රුපියල් 3.00 කින් වැඩි වූ අතර මේවනවිට 2000 දි රුපියල් 8.50 ට අලෙවි වූ පන් රාත්තල අලෙවි වන්නේ රුපියල් 45කටය . Tell a Friend