ජනාධිපති රාජපක්ෂ : ජනරාල් හිරේට දැමු සතුට වෙනුවෙන් කටගොන්නක් බී පවුලේ අයෙකුට කුණුහරපෙන් බැනලා

දුර්භික්ෂය අවසන් බව කියයි


ඊයේ රාත්‍රී මීවතින් හොඳ හැටි සප්පායම් වූ ජනධිපති රාජපක්ෂ තම පවුලේ හිතවතෙකුට හොඳ හැටි කුණුහරපෙන් බැණ වැදුණු බව අරලියගහ මන්දිර  ආරංචි මාර්ග සදහන් කරයි. මෙසේ බැණ වැදීමට හේතුව වී ඇත්තේ අදාල ඥාතියා විසින්, ජනරාල් හිරේ දැමීමට ගත තීරණය වැරදි බව කීම සහ එය අනාගතයේ දේව ශාපයකට හේතුවක් විය හැකි බවට ජෝතිර්යවෙදියෙකු හෙතමට කළ හෙළිදරව්ව, ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව බව වැඩිදුරටත් වාර්තා වේ.


මේ අතර, රටක යුද කෝලාහල තිබේ නම් එම රට අරාජික නම් එහි සාහිත්‍ය ප‍්‍රබෝධයක් ඇති නොවන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කළේය. තිස් වසරක අරාජික බව දුරුවීමත් සමඟ මෙරට සාහිත්‍ය දුර්භික්ෂය ද අවසන්ව ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි. මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයට අරලියගහ මන්දිරයේදී එක්වෙමිනි. නූතන වෙබ්අඩවි ඔස්සේ සාහිත්‍ය කලාව පවත්වා ගෙන යාමට ඉදිරියේදී සූදානම් විය යුතු බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී සඳහන් කර ඇත.


මෙම සාහිත්‍ය සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සාහිත්‍ය රත්න සම්මානය මෙවර සාහිත්‍යවේදීන් තුන්දෙනෙකුට හිමිවිය. මහාචාර්ය ඩබ්ලියු.ඒ. කරුණාතිලකට සිංහල මාධ්‍ය සම්මානය හිමිවූ අතර දෙමළ මාධ්‍ය සම්මානය හිමිවූයේ අල්හාජ් ඒ. මොහොමඞ් සම්මිටයි. ඉංගී‍්‍රසි මාධ්‍ය සම්මානය ආචාර්ය ලක්ෂ්මි ද සිල්වා විසින් හිමිකර ගෙන ඇත. මේ වසරේ හොඳම නවකතාව ලෙස නම්කෙරුණේ සුමිත‍්‍රා රාහුබද්ධ විසින් රචිත ‘කන්දක් සේ මා’ කෘතියයි. හොඳම කෙටිකතාව ලෙස නිශ්ශංක විජේමාන්න විසින් රචිත ‘මුවා මැරූ සලමන්’ කෘතිය සම්මානයට පාත‍්‍ර විය.


හොඳම කාව්‍ය සංග‍්‍රහය ලෙස තේරීපත්වූයේ නන්දන වික‍්‍රමසිංහ විසින් රචිත ‘රැය කරා ගමන යන’ කාව්‍ය සංග‍්‍රහයයි. හොඳම ගීත සාහිත්‍ය කෘතියට හිමි සම්මානය ‘වසත් කාලය’ කෘතිය රචනා කළ රවී සිරිවර්ධන විසින් හිමි කර ගත්තාග රංජිත් ධර්මකීර්ති විසින් රචිත ‘සොර නැව බිලිවුනු සුනාමිය’ නමැති කෘතියට හොඳම යොවුන් නවකතාවට හිමි සම්මානය හිමිවිය. හොඳම ළමා සාහිත්‍ය කෘතිය ලෙස නම්කෙරුණේ ඞී. සුභාෂිනී ගොඩගේ විසින් රචිත ‘එකමුතු ගීතය’ කෘතියටයි.


Tell a Friend