වසර 30ක ත්‍රස්තවාදය නිම කළාට හොද තෑග්ගක් දුන්නා- අනෝමා

අවුරුදු 30 තිස්සේ පැවති යුද්ධය නිම කළ ‍සිය සැමියාට ත්‍යාගයක් දී ඇතැයි, අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ෆොන්සේකා මහත්මිය පැවසුවේ, සමාව ගැනීමට තරම් තම සැමියා වරදක් කර නොමැති බවය.


සරත් ෆොන්සේකා මහතා බැලීම සදහා අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ඇය එම අදහස් පළ කළාය.


අනෝමා ෆොන්සේකා මහත්මිය සමග ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ සිටියහ.


නමුත් ෆොන්සේකා මහතා හමුවීමට අවස්ථාව හිමි‍ වුයේ අනෝමා ෆොන්සේකා මහතත්මියට සහ ඇගේ සොයුරියට පමණි.


බන්ධනාගාරය වෙත පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ, ‍ෆොන්සේකා මහතාට පහසුකම් කිසිවක් නොමැති බවය.


Tell a Friend