ලංකාව දැනට ගෙවීමට තිබෙන ණය මුදල රු. 66,000,000,000,000 (රුපියල් බිලියන 6,6000ක්) දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ(12) ඇරබුනු පර්සි රාජපක්ෂගේ ජපාන සංචාරයේදීද තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 510ක ණය මුදලක් හෙවත් රුපියල් කෝටි 6528ක් (රු. 65,28,000,000) ලබාගැනීමට සූදානම් බව වාර්තා වේ.ලෝකයේ විවිධ රටවල විවිධ ජනපතිවරු පිළිබද නොයෙක් තොරතුරු අසන්නට ලැබේ. ඒ අතර දුප්පත්ම ජනපති, පොහොසත්ම ජනපති ආදී තොරතුරුද තිබේ. මේ අනුව පර්සි රාජපක්ෂ හිමි කරගන්නේ කුමන ස්ථානයද පැහැදිලිවම ලෝකයේ වැඩියෙන්ම ජනතාවගේ මුදල් හොරාකෑවුන්ගේ ප්‍රථමස්ථානය බවට සැක දුරු නොවන්නේ කා තුලද.
මේ සියල්ල මේ අයුරින් සිදුවෙද්දී පර්සි රාජපක්ෂ රට තුල ඇතිකර තිබෙන සංවර්ධනය මොකක්ද. මාළු බාන වරායක්, නාට්‍ය නොපෙන්වන රගහලක් , සාමානය ජනතාව නොයන අධිවෙගිමාර්ග මේ ආදී මෙරට ජනතාවගේ දුගීබව විරැකියාව නැති කරන සංවර්ධන වැඩසටහන් නොවන බව පැහැදිලි කරුණකි. පර්සි රාජපක්ෂ තමන්ගේ මුලික සංවර්ධන වැඩසහන කොරගෙන තිබෙන්නේ රටේ මාර්ග පුළුල් කිරීම සහ මාර්ග මත කාර්පට් ඇතිරීමයි ( මේ මගින් හොරාකෑමට යහමින් ඉඩ ලැබෙන නිසා විය යුතුය). මොකද පර්සි රාජපක්ෂගේ දේශපාලන ඉතිහාසය තුලද දක්නට ලැබෙන්නේ හොරාකෑම වන අතර ඒ බව වඩා පුළුල් ලෙස හෙල්පින් හම්බන්තොට වැඩසටහනෙන් රටටම හෙළි වුනි. ඇතම් පිරිස් චෝදනා නගන පරිදි යුද්ධයේදී අත්පත් කරගනු ලැබූ නැවු, රන්භාණ්ඩ, මුදල් මේ සියල්ලට සිදු වූ දේ පිලිබදව වන අතර, කෙසේ හෝ පැහැදීවන කරුණ වන්නේ මේ සියල්ල සුපුරුදු හොරාගේ බූදලයේ කොටසක් වී ඇතිබව නොවනුමාන වන බවයි.
සියළු ක්ෂත්ර මේවන විට ඇද වැටි තිබෙන අතර කඩාවැටීම තීවුරකරනු ලැබුවේ වත්මන් පාලකයාගේ කාලය තුලයි. මේ සියල්ල ඔහු වසාගෙන තිබෙන්නේ මාධ්‍ය බෙලහීන කිරීමෙන් සහ විරුද්ධ පාර්ශව කඩා විසුරුවිම තුලුනි. අදිකරණ, අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිය මේ ආදී සමස්ථ පද්ධතියම රාජපක්ෂ විනාශ කර තිබේ. රාජපක්ෂ සිදුකරන විනාශයේ තරම ඔහුගේ සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීමෙන් මනාව අවබෝද වන යථාර්තයකි. සංවර්ධන සැලසුම් කරණය නමැති විෂයක් ලෝකයේ තිබේන අතර ඒ අනුව මේ සිදුවන සංවර්ධනය ශිතකාමර(AC ROOM) සැලසුම් කරණයට නිදසුන් සපයයි. මොකද මේ සියලු සංවර්ධන වැඩසහන් තුලින් මහජනතාවට අත්පත්කර දුන් ජයග්‍රහණය බින්දුවක අගයක් හිමිකරගෙන තිබේ. නමුත් ජනතාවට ඒ වෙනුවෙන් දැරීමට තිබෙන වෙහෙස සැබවින්ම ඔවුන්ට දරාගත නොහැකි වුවකි. ඒ නිසාවෙන් අම්මා සිය දියණිය ගණිකා වෘතියේ යොදවයි, කුඩා ළමුන් හොරකමට සමාජ සදාරනත්වය අයැදීමට පෙළබි තිබේ.
මේ රාජපක්ෂගේ තුට්ටු දෙකේ ඓෂ්චර්යයි. රටකට නායකයෙක් බිහිවිය යුත්තේ ජාතියක් ලෙස මුළු රටම අවධි කල හැකි, සිතුවිලි වලින් පිරිසුදු, රටට අනන්‍ය අර්ථක්රමයක් ගැන සිතන දුර දර්ශි අයෙකි. හොරෙක් ජනපති විමේ විපාක අපි මේ මොහොතේ භුක්ති විදින්නෙමු.
අජන්ත ඉලේපෙරුම
