ජනරාල් ෆොන්සේකාට කාමරයක් , පැදුරක් සහ කොටිටයකුත් ලැබේ

සිය සිරදඬුවමේ ප්‍රථම දිනය අද ඇරැඹු හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා හිරකරුවන්ගේ ඇඳුමින් සැරැසී වැලිකඩ බන්ධනාගාරයේ වෙනමම කාමරයක සිටියේය. ඔහු ළඟ පැදුරක් හා කොට්ටයක් විය. පිඟානක් හා කෝප්පයක් ද ඒ අසල විය. ඇඳි නැති බංකුවක් ද තිබි‚. හිර දඬුවම් විඳීම සඳහා තමා කළ වරද කුමක් දැයි ඔහු එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගෙන් අසා ඇත. සිය සැමියා බැලීමට අනොමා ෆොන්සේකා මහත්මිය ද, එක්සත් ජාතික පක්ෂ කළුතර දිසා මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ද එහි ගොස් සිටියහ.


Tell a Friend