කරුණානිධිගේ බැනුම් වලින් පසු මහින්ද ප්‍රගති සමාලෝචනයට උතුරට යයි.

තමිල් නාඩු මහා ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුව එකේක හේතු ඉදිපත් කරන්නේ යැයි චෝදනා කිරීමෙන් 24 පැයක් ගත වීමටත් පෙර උතුරු පළාත් සංවර්ධන ප‍්‍රගති සමාලෝචන රැස්වීමට අද වවුනියාවේදී සහභාගී විය. ඊට සහභාගී ඔහු කියා සිටියේ ජාති වාදයට කිසිඳු ඉඩක් නොමැති බවයි. මේ වනවිට දිවයිනේ සියලූම පළාත් ආවරණය වන පරිදි ජනාධිපතිවරයා ප‍්‍රගති සමලෝචන රැස්වීම්වලට එක් වී තිබේ. ඒවායේදී එම පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලූ විසඳීම සඳහා සෘජු නියෝග ලබාදීමටත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ගත යුතු තීරණ ගැනීමටත් පරණ වූ මුල් ගල් ඉවත් කිරීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පියවර ගත්තේය. Tell a Friend