පොලිසියේ 600 ක් මැරුවාට කරුණා සමාව ගත යුතු යැයි පිල්ලයාන් කියයි

1990 දී මඩකළපුවේ දී කොටි සංවිධානයට බාරවීමට පැමිනි‚ පොලිසියේ 600 දෙනකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වලින් අමාත්‍ය කරුණා අම්මාන් (විනයාගමූර්ති මුරලිදරන්) ප්‍රසිද්ධියේ සමාව ගතයුතු යැයි නැගෙනහිර මහා ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම හමුවේ ප්‍රකාශ කෙළේය. එම අමානුෂික සිද්ධිය වූ අවස්ථාවේ නැගෙනහිර පළාතේ කොටි නායකයා වශයෙන් ඔහු කටයුතු කළ බැවින් ඔහු ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුත්තේ තමා නොව ඔහුම බව ද පිල්ලෙයාන් අවධානරණ කෙළේය. සභාපති සී.ආර්.ද. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම කොළඹ ලක්ෂ්මන් කදිර් ගාමර් ආයතනයේ අද යලිත් රැස්විය. පොලිසියේ 600 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාතික සංහිඳියාවක් ඇති කිරීම වෙනුවෙන් සමාවක් ගැනීමේ ඉඩකඩ ගැන සභාපති අදහස් විමසු අවස්ථාවේ හෙතෙම එසේ කීවේය. Tell a Friend