ආරක්ෂක කොලම : යුධ අපරාධ අවුල යලිත්

ශ්‍රී ලංකා ගාඩියන් ආරක්ෂක වාර්තා කරු විසිනි

දැනට ලැබෙමින් පවතින තොරතුරුවලට අනුව මීට මස 16 කට පෙර අවසන් වූ කොටි සංවිධනයට එරෙහි යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ වල නියැලුනේ යැයි එල්ල වන චෝදනා තව තවත් වැඩි වෙමින් තිබේ. එසේම යුද්ධයේ අවසන් දින කිහිපයේදී ලකුණු දමා ගැනීමේ අරමුණින් යුද්ධය ගැන විශාරදයින් වීමට ගිය පිරිස් විසින් සොල්දාදුවන් ඒ සඳහා යොමු කළ බවටද චෝදනා එල්ල වේ. ඒ නිසා අවසාන දින කිහිපයේදී යුද්ධය දේශපාලන මුහුණුවරක් ගත් අතර හිතු මනාපේ කටයුතු කිරීමට ඇතැම් පිරිස් තම සෙබල කණ්ඩායම් පාවිච්චි කළ බවට චෝදනා එල්ල වේ. මේ නිසා පසු කාලීනව යුධ හමුදාවේ සිදු වූ විලි ලජ්ජා සහගත වෙනස් කම් සඳහාද එය ඒ ආකාරයෙන්ම බල පෑවේය.

විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා සහ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ අතර තිබුණු සීතල යුද්ධයෙන් ප්‍රයෝජනය ගත් ඇතැමුන් සමස්ථ හමුදාවම දේශපාලන අවශ්‍ය තාවය සඳහා පාවිච්චි කළේය එසේම මෙහෙය වීය. එහි ප්‍රතිපල දැන් ලැබී තිබේ. එසේම ඉදිරියේදී ලැබීමටද ඉඩ තිබේ. ආරංචි මාර්ග වලට අනුව පමණ ඉක්මවා දේශපාලනීකරණය කර ඇති යුධ හමුදාව තුළ පෙර නොවූ විරු මට්ටමේ මානසික ආතතීන් තිබේ. එසේම රාජපක්ෂ පරපුරම තමන්ගේ දේශපාලන අරමුණු සඳහා වහලුන් මෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් පාවිච්චි කිරීම ඉතා කණගාටු දායකය. එය තානපති සේවාව දක්වා විහිදී ගොස් ඇති අතර, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විස්වාශවන්තම තානාපතිවරුන්ගේ ආරක්ෂාවට යොදා ඇති සොල්දාදුවන්ට ඔවුන්ගේ බිරින්දෑ වරුන්ගේ ජංගි සේදීමට පවා සිදු වී තිබීම ඛේදවාචකයකි.

එසේම මේ වනවිට හමුදාවේ සිටින ඉතා සුළු පිරිසක් හැරෙන්නට අනෙක් සියලුම දෙනා නිරීක්ෂණය කිරීමට රහස් එකක පිහිටුවා තිබේ. මේවායේ අරමුණ කිසියම් ආකාරයකින් හෝ රාජපජෂ විරෝධියෙකු හසු වුණ හොත් ඔහු හෝ ඇයගේ ඉරණම තීන්දු කිරීමය. එය එසේ වුව හොත් රාජ්‍ය ගෞරව වලින් තොර වූ අවසන් ගමනක් සඳහා ඔවුහු යැවීම අරමුණ විය හැකිය. පසුගියදා වන්නියේ පැවති ප්‍රගති සමාලෝචන රැස් වීමේදී එය මානව පිළිබිඹු විය. ඒ සඳහා රාජපක්ෂ පවුලේ දේශපාලනයේ යෙදී සිටින සියල්ලම පහේ සහභාගී වූහ. හමුදා උත්තමචාරයද මහා ඉහළින් පැවැත් වුණි.

ලන්ඩනයේ පිහිටි දෙමළ සංවිධානයක් විසින් නිකුත් කළ අදාල චායාරුප ඊළාම්  යුද්ධයේ අවසන් දින කිහිපයේදී ගත්  බව අවධාරණය කරයි. හමුදා භාරයට පත් වූයේයැයි සැක කෙරෙන කොටි සාමාජිකයින් නිරුවත් කොට මරා දමා ඇති අයුරු. මෙහි එක් කාන්තාවකගේ උඩු කය නිරුවත් මළ සිරුරක්ද වේ.
මේ අතර පසුගියදා, ලන්ඩනයේ මුලස්ථානය කර ගනිමින් ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංගමය විසින් ඊළාම් යුද්ධයේ අවසන් අදියරේ සිදු වූයේ යැයි කියන චායාරූප රැසක් නිකුත් කරනු ලැබිය. අදාල සංවිධානයට එම චායාරූප කොටි සංවිධනයේ බුද්ධි අංශයෙන් ලැබුණ බව සඳහන් කළේය. එසේම තමන් කොටි සංවිධානයට හිතවත් බවද ඔවුහු විවුර්තව පිළිගනිති. නමුත් මෙහිදී ඔවුහු මතු කරණ තර්කය සහේතුකය. එනම් අදාල චායාරූප ගැන කඩිනම් පර්යේෂණයක් පවත්වන ලෙසයි. එයට ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය තුළ කිසිම පිළිගත හැකි කරුණු නොතිබුණි. එසේම පෙර අවස්ථා වලදී මෙන් ආණ්ඩුව අදාල කාරණය කොටි සංවිධනයේ බොරු ප්‍රචාරයක් ලෙස ඉවත දැමීය. නමුත් අදාල චායාරූප වල සිටින පුද්ගලයින් පැහැදිලිව හඳුනා ගත හැකි අතර ඒ ගැන ක්‍රමවත් පර්යේෂණයක් පැවැත්වීමට ඇති වට පිටාවක්ද තිබේ.

මේ හා සම්බන්ධ චයරූපවලින් කිහිපයක් මෙම තීරුවේ පළ වේ. එසේම මීට පෙර ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය විසින් කොටි සංවිධානයේ සිටි දේශපාලන නායකයෙකු වන වී. බලකුමාරන්, හමුදාව විසින් හඳුනා ගැනීමෙන් පසු ගත් චායරුපයක් පළ කරනු ලැබිය. එසේම මේ දිනවල පැවැත්වෙන සංහිදියාව සඳහා වන කොමිසම ඉදිරියටවිත් හිටපු කොටි නායකයින්ගේ බිරින්දෑ වරුන් ඉදිරිපත් කළ අදහස් ගැන යළිත් මතක් කළ යුතු නොවේ. එහිදී පොදුවේ එනම්, භාර වීමෙන් හෝ සිවිල් වැසියන් ලෙස සැඟවී සිටින අතර තුර හමුදාව විසින් සොයා ගත් කොටි නායකයින්ට සිදු වූ දෙයක් නැත. ඒ වෙනුවට 2007 සිට ශ්‍රී ලංකා බුද්ධි අංශය සමඟ ගනු දෙනු කළ කේ.පි. හෙවත් කුමාරන් පද්මනාදන් පමණක් ජීවතුන් අතර සිටින්නේ ආණ්ඩුවේ නොබඳ රැකවරණය මධ්‍යයේය. ශ්‍රී ලංකා ගාර්ඩියන් ආරංචි මාර්ග සඳහන් කරණ අන්දමට කේ. පි හට රූමත් ස්ත්‍රීන් හඳුන්වා දීමටද ඔහු සමඟ සමීපව කටයුතු කරණ අයෙක් කටයුතු කරණ බව සැලයි. නමුත් යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූ දෑ පිළිබඳව ඔහුද කතා කරන්නේ හය හතර නොදන්නා බබෙකු ලෙසය. කෙසේ වෙතත් භාර වූ සහ සොයා ගනු ලැබූ කොටි නායකයින් ගෑස් දමා පිලිස්සුවේ යැයි පැතිරෙමින් පවතින ආරංචියට ආණ්ඩුවෙන් කිසිඳු පිළිතුරක් නොමැත.
ලන්ඩනයේ පිහිටි දෙමළ සංවිධානයක් විසින් නිකුත් කළ අදාල චායාරුප ඊළාම්  යුද්ධයේ අවසන් දින කිහිපයේදී ගත්  බව අවධාරණය කරයි. හමුදා භාරයට පත් වූයේයැයි  සැක කෙරෙන කොටි සාමාජිකයින් යුධ හමුදාවේ නිලධාරීන් විසින් රැගෙන යන අයුරු මෙහි දැක් වේ.
යුද්ධය නිමා විය. එය ඕනවට වඩා දේශපාලනික වශයෙන් පාවිච්චි කිරීමට ගොස් ආණ්ඩුව පැටලී සිටින්නේ උබතෝකොටිකයකය. මේ නිසා අති විශාල මුදලක් වියදම් කොට ආරක්ෂක අංශ නඩත්තු කිරීම හැරවෙනත් විකල්පයක් ආණ්ඩුවට නැත. ආණ්ඩුවට මේ වන විට තමන්ගේ පැවැත්ම තිර කර ගැනීම සඳහා ඉතුරු වී ඇත්තේ තමන්ගේ පෞද්ගලික බුදලය සහ තමන්ගේ පැත්ත ගෙන සිටින ආරක්ෂක අංශ වල කොටස පමණි.

මේ අතර යුරෝපා සංගමය දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා බංගලාදේශයේ ධකා අගනුවර තෝරා ගෙන ඇත. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේන් ඉතිහාසයට එක් වූ ලංකාව වෙනුවට ඔවුන් තෝරා ගත්තේ බංගලාදේශයයි. ලංකාවෙන්ද එක් නියෝජිතයෙකු එහි යැවෙනු ඇත. එසේම මෙරට ආණ්ඩුවේ හිතුවක්කාරකම නිසා අහිමි වූ ජි.එස්.පි. ප්ලස් බදු සහනයේ සම්පුර්ණ වාසිය අත්වූයේද බංගලාදෙශයටය. පෙළගැසෙමින් පවතින වට පිටාව තුළින් පෙනී යන්නේ වතමන් ආණ්ඩුව, බෙදා ගෙන කෑමට තිබුණ දෙය ඉහගෙන කෑමට ගොස් වැටි සිටින දුෂ්කර තත්වයයි.

[සතිප
තා පලවන මෙම ලිපිය සඳහා ඔබගේ අදහස් defence@lankaguardian.com යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකිය.]
Tell a Friend