SOCIAL: එකම බෙහෙත පැනඩෝල්- (සෑබැ බන්ධනාගාර - 1 කොටස)


නිදා ගැනිමට හෝ ඇදුමි පැලදුමි තබා ගැනිමට ප්‍රමාණවත් ඉඩකඩක් නොමැත. ඔහු බන්ධනාගාරයට නිරෝගි පුද්ගලයෙක් විදියට ගියත් එළියට අවේ රෝගි පුද්ගලයෙකු ලෙසයි. ඔහුට නිවිමෝනියා සහ චර්ම රෝග සැදුනි.

හර්ෂි සි. පෙරේරා
 
ජිනදාසගේ වයස අවුරුදු 64කි. උඩලමත්ත ගාල්ලේ පදිංචිකරුවෙකු වන ඔහු කුලි වැඩ කිරිම ජිවිකාව කරගෙන සිටි.

ඔහු වෙනත් පුද්ගලයකු සමග ඇති කරගත් පෞද්ගලික ආරවුලක් නිසා පොලිස් අත්අඩංගුවට පත්විය. නමුත් පොලීසිය අනෙක් අයගේ පැත්ත ගෙන ඔහුට ව්‍යජ චෝදනා මත නඩු පවරන ලදි. ප්‍රතිඵලය ඔහුට බන්ධනාගාර ගතවිමට සැදුවිමයි.

බන්ධනාගාරයේ ඔහු සිටියේ එචි වාටිටුවේය . එහි අධික තදබදයක් විය. ඉඩකඩ ප්‍රමාණවත් වුයේ 150කට නමුත් එහි 300ක් පමණ සිටියහ. ඒ අතරින් බහුතරය ශරීර ඇප සහ සුලු දඩ මුදල් ගෙවා ගැනිමට නොහැකි වු අයයි. එවගේම චර්ම රෝග සෑදුනු විශාල පිරිසක් විය. එවගේම හතිය හැදුන රෝගියෙක් සිටියා. ඔහුට නිතරම හතිය හැදෙන අතර ඛෙහෙත් ඉල්ලුවාට ලබාදෙන්නේ නැත. ඒවගේම ප්‍රතිකාර ඉල්ලුවිට සිදුවන්නේ බැනුන් ඇසිමටය. රෝගින් පිළිබද අවධානය ඉතාම අඩු අතර බෙහෙත් ඉල්ලුවාම දෙන්නේ පැනඩොල් පමණි.

කෑම පොලිමේ සිටිනවිට පොඩිඩක් හරි එහාට මෙහාට විමට සිදුවුවහොත් බැනුන් ඇසිමට සිදුවේ. සමහරවිට බන්ධනාගාර නිළධාරින් පෝලිම පනින අයට පොල්ලකින් පහර දෙයි. නැවත පෝලිමේ පිටුපසට යෑමට සිදුවේ.

වැසිකිලි ඉතාම අපිරිසිදුය. ඒවා සේදිමට භාවිතා කරන්නේ වතුර පමණයි. රිමාණ්ඩි අයට මහන්සි වි වැඩ කිරිමට සිදුවෙි. වැඩ නොකරන විට ගුටි කෑමටත් කුනුහරුපෙන් බැනුන් ඇසිමටත් සිදුවෙි.

සුබ සාධක සංගමයේ සිටින නිළධාරින්ට නොයෙක් ආකාරයේ දේවල් ලැබේ.. නමුත් ඒ දේවල් ඔවුන් බන්ධනාගාරය ඇතුලේ සිටින අයට දෙන්නේ නැත. ඇතුලේ සිටින අය අතරින් ගොඩක් දෙනෙක් ගංජා සහ කුඩු වලට ඇබිබැහි වි ඇත. ඔවුන් විසින්ම ගින්දර සාදා ගනි.

නිදා ගැනිමට හෝ ඇදුමි පැලදුමි තබා ගැනිමට ප්‍රමාණවත් ඉඩකඩක් නොමැත. ඔහු බන්ධනාගාරයට නිරෝගි පුද්ගලයෙක් විදියට ගියත් එළියට අවේ රෝගි පුද්ගලයෙකු ලෙසයි. ඔහුට නිවිමෝනියා සහ චර්ම රෝග සැදුනි.
Tell a Friend