EDITORIAL:- කතු වැකිය : හෙළ උරුමේ පාන්

හෙළ උරුමයේ ජේයිෂ්ඨයින් එම පක්ෂය හැරයාම හේතුවෙන් ඉහලට පැමිණි උදය ප්‍රභාත් ගම්මන්පිල පසුගියදා කියා සිටියේ ඇමෙරිකාවේ පාන් ලංකාවේ රුපියල් 50 ට අලෙවිවීම ගැන පුදුම විය යුතු නැති බවයි. එනම් අදාල පාන් රාත්තල ඇමෙරිකාවේ විකුණනු ලබන්නේ ලංකා මුදලින් 300 - 250 ට බව හෙතම සඳහන් කරනු ලබයි. වුර්තියෙන් නීති වේදියෙකු යයි සඳහන් කරන හෙතම රටේ පවතින ගැටලු වලින් තමන්ගේ ඇඟ බේරා ගැනීම සඳහා හේතුවක් නිර්මාණය කරගෙන තිබේ. සැමදාමත් දේශපාලනය කරනවා යයි මේ අය කළේ මෙයයි.

රටේ සිටින ඕනෑම අයෙකුට තේරෙන සරල කාරණයක් තිබේ. එනම් ඇමෙරිකාවේ එක පුද්ගලයෙකු ලබන ආදායමයි, ලංකාවේ එක අයෙක් ලබන ආදායමයි අතර තිබෙන වෙනසයි. ඊටද තම සංඛ්‍යා ලේඛන පෙන්වා උදයට උත්තරයක් සකසා ගත හැකිය. නමුත් ඇත්ත දන්නේ එදා වේල කන්න නැතුව දුක් විඳිමින් මේ ආණ්ඩුවේ කෙරුවාවට ශාප කරන අසරණ ජනතාවයි. උදය ආණ්ඩුවේ කුණු සේදීම සඳහා කරන මෙම ප්‍රෝඩාකාරී නිරුවත් දේශපාලනය නාමයෙන් ගොතන අමුලික බොරු පවතින සබැ ගැටලු විසඳීමට සමත් නැත.

ඇසිය යුතු මුලික ගැටලු කිහිපයකි. එනම් එක, ඇමෙරිකාවේ එක පුද්ගලයෙකු ලබන අදායමට සාපේක්ෂව ලංකාවේ එක අයෙක් ලබන අදායම කෙබඳුද? ඔබ වෙනි අය ලබන අදායම එක පුද්ගලයෙකුගේ අදායමක් ලෙස සිතා ලෝකයේ අනෙක් රටවල කරන ආකාරයෙන් මුළු එකතුවෙන් ජනගහනය බෙදා ලැබෙන උත්තරය දැක්වීමට වඩා මේ රටේ ඉන්න අසරණයින් එදා වේල කන්න නැතුව දහ දුකක් විඳින ආකාරය දෙස බැලීමට මොලේ අඟලක් හෝ තිබේවායි පතමු. දෙවැන්න, පසුගිය මස කිහිපය තුළ අහිමි වූ රැකියා ලක්ෂ තුනකට අසන්න පිරිසට පැහැදිලි විකල්පයක් ආණ්ඩුවට තිබේද? තුන්වේල බත් කෑමට යයි කියන ආණ්ඩුවට බත් පිසීම සඳහා ගෑස් හෝ දර පහසු මිලට සැපයීම සඳහා , මෙන්ම බත් කෑමට අවශ්‍ය ව්‍යංජන සැකසීම සඳහා අවැසි අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වටපිටාවක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට ප්‍රතිපත්තියක් තිබේද? රට මහුණ දෙන සැබෑ ගැටලු වන්නේ එයයි. ආණ්ඩුවට මෙය විසඳීමට පැහැදිලි වුවමනාවක් තිබේනම් සතියකට එක වේලක් හෝ ලංකාවේ අඩුම අදායම් ලබන පුද්ගලයින් ලබා ගන්නා ආකාරයෙන් ලබා ගැනීමට තීරණය කළහොත් අඩුතරමින් එය තේරුම් ගැනීමට හෝ හැකි වන්නේය. ඒ නොමැතිව උදය වැනි ඕලමොට්ටලයින් තමන්ගේ පැවැත්ම සඳහා ඉදිපත් කරන මෝඩ තර්ක රටේ ප්‍රශ්න විඳීමට ප්‍රයෝජනවත් නොවේ. Tell a Friend