පාසල් ළමුන්ට අලෙවි කිරීමට සැලසුම් කළ මත්කුඩු කිලෝ 14ක්. බගවන්තලාවෙන්

බගවන්තලාව නගරයේ පාසල් ළමයින්ට අලෙවි කිරීම සඳහා රහසිගත ලෙස ගබඩා කර තිබූ මත්කුඩු කිලෝග‍්‍රෑම් 14ක් බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබිය. ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙම මත්කුඩු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ටින් ලෙස අසුරා තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේය. මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය ටින් එකක් රුපියල් 150කට අලෙවි කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ. Tell a Friend