වසර 27 කට පසු ලංකාවෙන් කදින්ල්වරයෙක්

16 වන ශුද්ධොත්තම බෙනඩික් පාප් වහන්සේ විසින් කාදිනල් වරයෙකු වශයෙන් අගදරගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අද තෝරා පත්කර තිබේ. පාප් වහන්සේ තෝරා ගැනීමේදී කාදිනල් සභාවේ එකඟත්වය අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව ශී‍්‍ර ලංකාවට එම අවස්ථාව හිමි වූ දෙවන වාරය මෙය වේ. මීට පෙර 1965 වසරේ මෙම තනතුරෙන් පිදුම් ලැබුවේ අති උතුම් තෝමස් බෙන්ජමින් කුරේ කාදිනල්තුමය. 1983 වසරේ ස්වර්ගස්ථ වූ උන් වහන්සේගේ දේහය දැනටත් රාගම - තේවත්ත බැසිලිකා දේවස්ථානයේ තැන්පත් කර තිබේ. ඒ අනුව වසර 27 කට පසුවයි ශී‍්‍ර ලංකාවෙන් කාදිනල් වරයෙකු වතිකානුවේ කාදිනල් සභාවට පත්වී ඇත්තේ. Tell a Friend