බුරුමෙන් ලංකාවට ගෙනා ළමුන් 100 ක් දුක් විඳිති!


35 ක් යලිත් රැගෙනගොස් අනෙක් අය රැගෙන යාමට මුදල් එකතු කරති

ළමුන් ගෙනා ලංකාවේ බික්ෂුවට චෝදනා


නාගීස් චණ්ඩමාරුතය අවස්ථාවේදී බුරුමයෙන් ලංකාවට ගෙනා ළමුන් සියදෙනෙකු පමණ මෙරට ජීවත්වීම ප්‍රතික්ෂේපකරමින් සිටින අතර, ඔවුහු දැඩි ආර්ථික දුෂ්කරතා වලට මුහුණ පාමින් සිටින බව වාර්තා වේ. බුරුම ආණ්ඩුව මෙම ළමුන් වෙනුවෙන් කටයුතු කිරීම පහර හරි ඇති අතර, එඅකතර බව්ද්ධ සංවිධානයක් මගින් අදාල ළමුන් 100 දෙනාගෙන් 35 දෙනෙකු නැවත බුරුමයට රැගෙන ගොස් ඔවුන්ගේ දෙමාපියන්ට භාර දී තිබේ.
වසරකට වැඩි කාලයක් තිස්සේ මෙම ළමුන් ලංකාවේ රැඳී සිටින අතර, ඔවුහු වයස අවුරුදු 11-16 අතර වයස් කාණ්ඩ වලට අයත් වෙති.


බෝදාගම චන්දිම හිමියන් විසින් අදාල ළමුන් මෙරටට රැගෙන විත් ඇති අතර, බුරුම මාධ්‍ය උන්වහන්සේට චෝදනා කරමින් ළමුන් පිළිබඳව දැක් වූ උනන්දුව ප්‍රමාණවත් නොවන බව වාර්තා කළේය. කෙසේ වෙතත් තමන් බුරුමයේ චණ්ඩ මාරුතයෙන් අනාථ වූ ළමුන් රැසකට සහය වූ බව උන්වන්සේගේ වෙබ් අඩවියේ මුලදී සඳහන් කර තිබුනද පසුව ඒ පිළිබඳව තොරතුරු ඇතුලත් වෙබ් පිටුව මකා දමා ඇත. එසේම අදාල ළමුන් පිළිබඳව චන්දිම හිමි පොරොන්දු වූ කිසිඳු වගකීමක් කර නොමැති බව සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දෑ ලබා ගැනීම සඳහා ළමුන්ට විවිධ ස්ථාන වල වැඩ කිරීමට සිදු වන බවත් අදාල ළමුන් පිළිබඳව කටයුතු කරන බුරුම ජාතික බික්ෂුන් වහන්සේ කෙනෙකු වන අශින් තිහා හිමිනම ප්‍රකාශ කළේය.


අදාල ළමුන්ගෙන් 20 දෙනෙකු පමණ ගැහැණු දරුවන් වෙති. පසුගිය නොවැම්බර් මාසයේදී ලංකාවට පැමිණි බුරුමයේ හමුදා නායකයා සහ ඔහුගේ බිරිඳ ගුවන්තොටුපලේදී පිරිත් දේශනා කොට පිළිගෙන ඇත්තේද චන්දිම හිමි විසිනි.
Tell a Friend