ඇමරිකාව තුළ දිලිඳු බව: 2010

ටොම් එලී සහ බැරී ගේ‍්‍ර


1960 ගනන්වලින් මෙපිට නො දක්නා වසංගතයක මට්ටම්වලට ඇමරිකාව තුල දරිද්‍රතාව නැගීම පිලිබඳ වාර්තාවලට ඔබාමා පරිපාලනය ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ලින්ඩන් බී. ජොන්සන්ගේ පරිපාලනය යටතේ ආරම්භ කලාක් මෙන් කිසිදු දරිද්‍රතා විරෝධී වැඩසටහන් ඇරඹීමක් අවධාරනාත්මකව නො තකා හරිමිනි. පරිපාලනයේ සංගත හිතවාදී පිලිවෙත් ‘‘මධ්‍යම පන්තියට’’ ආධාර කිරීමේ ජනතාවාදී පියවරයන් ලෙස හුවාදැක්වීමට සතියක් පුරා දිග්ගැස්සුනු කතා සහ සිද්ධීන් මධ්‍යයේ ගතහැකි දරිද්‍රතා විරෝධී පියවරයන් ගැන ඔබාමාගේ සිකුරාදා මාධ්‍ය හමුවේ දී ඔහුගෙන් ප‍්‍රශ්න කලවිට ඔහු පීඩාවට පත්ව සිටින මිලියන ගනන් ඇමරිකානුවන් පිලිබඳව අසංවේදී නො තකා හැරීමක් ප‍්‍රදර්ශනය කලේ ය.

වාර්තාකරුවක් මෙසේ ප‍්‍රශ්න කලේ යඃ ‘‘ආර්ථීකයට සම්බන්ධව ගත්කල ලින්ඩන් බී. ජොන්සන් සහ ආචාර්ය කිං කල ආකාරයේ දරිද්‍රතා න්‍යාය පත‍්‍රයක් පිලිබඳව අදහස් වන ආකාරයට ඉතිහාසය විමර්ශනය කිරීමේ ඔබගේ උත්සාහයන් ගැන ඔබට සාකච්ඡුා කලහැකි ද?්’’ ඔබාමා මෙයට පිලිතුරු දෙමින් මෙසේ කීයඃ ‘‘මම හිතන්නේ දරිද්‍රතා විරෝධී උත්සාහයන්වල ඉතිහාසය පෙන්නුම් කරන ආකාරයට වඩාත් ම වැදගත් දරිද්‍රතා විරෝධී දෙය වන්නේ ආර්ථිකයේ වර්ධනය කිියලා...


අපට දියත් කලහැකි නෑම වැඩපිලිවෙලකට වඩා වැදගත් වන්නේ එයයි. අපට කලහැකි කිසිදු ගෙවීමකට වඩා එය වැදගත්.’’ මෙයට වඩා පැහැදිලි වෙනත් දෙයක් නැත . එනම් දරිද්‍රතා විරෝධී පියවරවල් කිසිසේත් ගැනෙන්නේ නැත.
ඒ වෙනුවට රීගන්, තැචර් හෝ වෙනත් නෑම ප‍්‍රතිගාමී නිදහස් වෙලඳපොල මතවාදියෙක් විසින් කතා කරනු
ලැබියහැකි වචනවලින් කතා කරමින් ඔබාමා අවධාරනය කලේ දරිද්‍රතාව පිටුදැකීමේ එකම පදනම වන්නේ ‘‘ආර්ථික වර්ධනය’’ හෙවත් සංගත ලාභ වර්ධනය කිරීම බවයි. ඉරිදා ධවල මන්දිර ආර්ථික උපදේශක ඔස්ටන් ගූල්ස්බී එම මන්ත‍්‍රය ම පුනරුච්චාරනය කලේ ය. දිස් වීක් නමැති ඒබීසී රූපවාහිනී ප‍්‍රවෘත්ති වැඩසටහනේ දී දරිද්‍රතාව ‘‘සියයට 15ක මට්ටමට එනම් දරිද්‍රතාවට එරෙහි ජාතික යුද්ධය කරා ධාවනය කල 1960 ගනන්වල මට්ටමට’’ නැගීම පිලිබඳව ඔහුගෙන් ප‍්‍රශ්න කරන ලදී. එයට ප‍්‍රතිචාර දක්වමින් ‘‘මම හිතන්නේ දරිද්‍රතාවට ද ආමන්ත‍්‍රනය කලහැකි මූලික ක‍්‍රමය වන්නේ විරැුකියාවට ආමන්ත‍්‍රනය කරන ක‍්‍රමය සහ ආර්ථිකය වර්ධනය සහ මිනිසුන් යලි වැඩට ගෙන්වා ගැනීම හෙවත් මධ්‍යම පන්තියේ පීඩනයට ආමන්ත‍්‍රනය කරන ක‍්‍රමයට ම බවයි. අපව මෙයින් මිදවීමට පුද්ගලික අංශයට නගා සිටුවීමට පියවර ගනිමු,’’ යයි ගූල්ස්බී කියා සිටියේ ය.මෙය ඔබාමා පරිපාලනයේ මූලික සමාජ සහ ආර්ථික පිලිවෙත සම්පින්ඩනය කොට දක්වයි. සංගත ලාභ ඉහල නැංවීමට හා මූල්‍ය ප‍්‍රභූව තවදුර ධනවත් කිරීමට ඍජුව දායක නො වන කිසිදු පියවරකට ඉඩක් නැත. දරිද්‍රතාවට එරෙහිව ගැනෙන නෑම පියවරක් කම්කරු පන්තියෙන් උකහා ගැනෙන අතිරික්ත වටිනාම මත
එල්ල වන දැරිය නො හැකි අපතේ යාමක් වනු ඇත.


ඊට අමතරව එවැනි පියවරවල් කම්කරු පන්තියේ වැටුප් සහ ජීවන මට්ටම් ස්ථීර ලෙස පහත හෙලීම සඳහා මහජන විරැුකියාව පාවිච්චි කිරීමේ සහ එම පදනම මත එක්සත් ජනපද නිෂ්පාදන ක්ෂේත‍්‍රය ලාභ ශ‍්‍රම නිර්යාතික අංශයක් ලෙස පුනර්ජීවනය කිරීමේ ඔබාමාගේ වැඩපිලිවෙලේ අතිමූලික ප‍්‍රචාලන බලය හරහා කපාගෙන ගමන් කරනු ඇත.


වසර 45කට පමන පෙර ඇමරිකාව තුල පෘථුල දරිද්‍රතාව පිලිබඳ හෙලිදරවු කිරීම් ජාතියේ හර්ද සාක්ෂිය තැතිගැන්වීය. ඇපලාෂියාහි ආන්තික දරිද්‍රතාව පිලිබඳව විස්තර මයිකල් හරින්ටන්ගේ දි අදර් ඇමරිකා (අනෙක් ඇමරිකාව* සහ හාවස්ට් ඔෆ් ෂේම් (ලජ්ජාව නෙලාගැනීම* යන කෘෂිකාර්මික කම්කරුවන් සූරාකෑම පිලිබඳ එඞ්වර්ඞ් ආර්. මොරෝගේ රූපවාහිනී වාර්තා චිත‍්‍රපටය දේශපාලන සංස්ථාපිතයේ කොටස් ද ඇතුලත්ව බලගතු ප‍්‍රතිචාරයක් පැන නැංවීය. සිය 1964 ජනපද තත්ව (ස්ටේට් ඔෆ් ද යුනියන්* කතාවේ දී දරිද්‍රතාවට එරෙහි යුද්ධය ප‍්‍රකාශයට පත් කරමින් ජොන්සන් මෙසේ ප‍්‍රකාශ කලේ යඃ‘‘ මෙතැන් සිට එනම් අද පටන් මෙම පරිපාලනය ඇමරිකාව තුල දරිද්‍රතාවට එරෙහි කොන්දේසි විරහිත යුද්ධය ප‍්‍රකාශයට පත් කරනවා... එම යුද්ධය ජයග‍්‍රහනය කරන තෙක් අපිට සැනසීමක් නැහැ. මිහිතලය මත සිටින ධනවත් ම ජාතියට එය ජයග‍්‍රහනය කල හැකි යි. එය පරාජය වීම අපට දරා සිටීමට බැහැ.’’ ජොන්සන් සහ ඩිමොක‍්‍රටික් පක්ෂය ප‍්‍රතිචාර දක්වමින් සිටියේ හුදෙක් රටෙහි සදාචාරාත්මක කෝපයට පමනක් නොව වඩාත් වැදගත් ලෙස කම්කරු පන්තිය අතර වර්ධනය වූ මහජන සමාජ අරගලවලට යි. දකුනේ ප‍්‍රදේශවල සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට අමතරව 1960 ගනන්වල මැද භාගයේ දී ප‍්‍රථම නාගරික සටන් පිපිරීම් සහ සටන්කාමී වෘත්තීය සමිති අරගල පැතිිරීයාම දැකගති. අද වනවිට ජොන්සන්ගේ වචන පෙනී සිටින්නේ ඇමරිකානු ධනවාදය පිලිබඳ ස්වයං-චෝදනා පත‍්‍රයක් ලෙස යි. එහි ලෝක බලවත් භාවයේ මුදුනතෙහි දී පවා එක්සත් ජනපදයට එහි දේශ සීමා තුල දරිද්‍රතාව මකාදැමීමේ ආසන්නයට පැමිනිය හැකි නො වුනි.


පාලක පන්තියේ දේපොලට හෝ ධනයට අභියෝග නො කල තතු තුල දරිද්‍රතාවට එරෙහි යුද්ධය ප‍්‍රායෝගික නො වුනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට වියට්නාමයේ සිය ආක‍්‍රමනකාරී යුද්ධයට අවශ්‍ය කරන ලද යෝධ මූල්‍ය වෙන්කිරීම් මගින් ඇමරිකානු ධනවාදයේ නැගෙන පරස්පර විරෝධයන් උග‍්‍ර කරන ලද නිසා දරිද්‍රතාවට එරෙහි යුද්ධය ක්ෂනිකව හිඳෙමින් මල දරු උපතක් බවට පත්විය. ”ධනවාදයේ බිඳවැටීම සහ එක්සත් ජනපදය තුල සමාජවාදය සඳහා අරගලය” සමාජවාදී සමානතා පක්ෂයේ කි‍්‍රයාමාර්ගය සඳහන් කල පරිදි ”ඇමරිකානු ධනවාදය එහි වඩාත් ම සාර්ථක දශකවල පවා ආර්ථික ආරක්ෂාව සම දරිද්‍රතාව තුරන් කිරීම පිලිබඳ පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමට අසමත් විය. එසේනම් එහි බිඳවැටීමේ සහ අර්බුද සමයේ මෙම ආර්ථික පද්ධතියෙන් අපේක්ෂා කලහැක්කේ කුමක් ද?”


මහා අවපාතයෙන් මෙපිට ගැඹුරු ම අර්බුදය මධ්‍යයේ ඉහත හා සමාන අද්‍යතන ප‍්‍රතිසංස්කරන වැඩපිලිවෙලක් ප‍්‍රතික්ෂේප කිරීම ඇමරිකානු සහ ලෝක ධනවාදයේ අසාර්ථකත්වය පිලිබඳ ප‍්‍රකාශනයකි. අතරමැද කාලපරිච්ෙඡ්දය ගෙවී ගොස් ඇත්තේ ගැඹුරු ප‍්‍රතිසංස්කරන සඳහා වන කිසිදු වෛෂයික පදනමකට වලකපමින් ලෝක ආර්ථිකය තුල ඇමරිකානු ධනවාදයේ තත්වය දිග්ගැස්සුනු හා නාටකාකාර පිරිහීමකට ලක්කරමිනි. ඇමරිකානු ධනවාදයේ පිරිහීම සමග එකට සිටිමින් සමස්ත දේශපාලන පද්ධතිය ම වෙන කවරදාටත් වඩා දකුනට ගොස් ඇත. මෙය සමග එකට බැඳී තිබෙන්නේ සමාජ අසමානතාවේ කිලිපොලා යන වර්ධනය සංගත-මූල්‍ය කතිපයාධිකාරයක් අත අන් කවරදාටත් වඩා ධනය සංකේන්ද්‍රනය වීම යි.


ආර්ථික දිරාපත්වීමේ සහ දේශපාලන ප‍්‍රතිගාමීත්වයේ මෙම කි‍්‍රයාදාමය පිලිබඳ තියුනු ම ප‍්‍රකාශනයන්ගෙන් එකක් වන්නේ ඇමරිකානු ලිබරල්වාදයේ සහ ඩිමොක‍්‍රටික් පක්ෂයේ දක්ෂිනාංශික මාරුවයි. 1970 ගනන්වල පටන් කඳු ගසාගෙන ඇති පුදුම එලවන පෞද්ගලික ධන සමුච්ඡුය වීම් පදනම් වී ඇත්තේ මූල්‍ය වංචා, නිෂ්පාදනය කඩාකප්පල් කිරීම, වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය හා බිඳවැටීම සහ සමාජ වියදම් ආපසු හැරවීම හරහා කම්කරු පන්තිය දරිද්‍රතාවට ඇදහෙලීම මත යි. පසුගිය දශක තුන පුරා සමාජ අසමානතාවේ වර්ධනයෙන් ආර්ථික ප‍්‍රතිලාභ ලබා ඇති ඩිමොක‍්‍රටික් පක්ෂය සමග වඩාත් කි‍්‍රයාශීලීව පෙලගැසී සිටින ලිබරල් මධ්‍යම පන්තික තට්ටුවේ දේශපාලනය ද ඒ අනුව නාටකාකාර ලෙස දකුනට පැද්දී ඇත. ඔවුහු මහජන වැඩකරන ජනයාගෙන් දුරස්ව හා ඔවුන්ට හතුරුව සිටිති. ඇමරිකානු ලිබරල්වාදයේ සහ එහි ව්‍යජා-වාම විචල්‍යයන්ගේ ප‍්‍රධාන උපකරන -නිව් යෝර්ක් ටයිම්ස් පටන් ද නේෂන් සිට හිටපු රැුඩිකල් මධ්‍යම පන්තික
‘‘වමේ’’ ප‍්‍රකාශන දක්වා- මෙම දක්ෂිනාංශික හුටායාම පිලිබිඹු කරයි.


ඔබාමාට වඩා මදක්වත් වැඩියෙන් දරිද්‍රතාව මැඞීමේ ගැඹුරු පිලිවෙත් කෙරෙහි ඔවුන් උනන්දු නැත. ඇත්ත වසයෙන් ම ඇමරිකානු ලිබරල්වාදයේ සහ පක්ෂයේ බංකොලොත්භාවය මූර්තිමත් කරන ඔබාමාට ඔවුන් දක්නව සහයෝගය අත්වැරදීමේ හෝ වැරදි වටහාගැනීමක ප‍්‍රතිඵලය නො වේ. ඔවුහු ඔහුගේ කම්කරු පන්ති විරෝධී න්‍යාය පත‍්‍රයට සහයෝගය දෙති. ඔවුන්ගේ ඒකායන අභිප‍්‍රාය වන්නේ ඩිමොක‍්‍රටික් පක්ෂයට පිටතින් සහ එයට එරෙහිව කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ඉස්මතු වීම වැලැක්වීම යි.


හොඳ වැටුපක් සහිත රැුකියාවක්, සෞඛ්‍යාරක්ෂනය, අධ්‍යාපනය සහ නිවාස ආදී කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා සංගතික ලෙස සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. එම අයිතිවාසිකම් ඉටුකර ගත හැක්කේ ද දරිද්‍රතායේ සහ යුද්ධයේ ව්‍යසනයන් වැනසිය හැක්කේ ද මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රයට සමාජ ධනය පාලනය කිරීමට තිබෙන ”අයිතිවාසිකමට” එරෙහිව කරන අරගලයක් තුල කම්කරු පන්තිය ස්වාධීනය සංවිධානය වීමෙන් පමනි.මේ සඳහා සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීම අවශ්‍ය කරයි. අපගේ සමාජවාදී කි‍්‍රයාමාර්ගය සමග එකඟ වන සිය දෙනා සමාජවාදී සමානතා පක්ෂයට බැඳී ඒ සඳහා අරගල කල යුතු ය.


Tell a Friend