ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පවුල් 24 ක්‌ ගංවතුරෙන් අවතැන්

එක්‌ අයෙක්‌ මියයයි


ගාල්ල දිස්‌ත්‍රික්‌කය වෙත ඇද හැලුන වර්ෂාව හේතුවෙන් මේ වන විට ගංවතුර තත්aත්වයෙන් පවුල් විසි හතරක්‌ අවතැන් වී ඇති අතර ජලයේ ගසාගෙන යැමෙන් එක්‌ අයකු මරණයට පත්ව ඇතැයි ගාල්ල වැඩබලන දිස්‌ත්‍රික්‌ ලේකම් බන්දුල හරිස්‌චන්ද්‍ර මහතා පැවැසීය.


මෙසේ මියගොස්‌ ඇත්තේ කරන්දෙණිය, බෙංවල ප්‍රදේශයේ පදිංචි මල්ලව ආරච්චිගේ සඳුන් ප්‍රියන්ත නමැති 21 හැවිරිදි තරුණයෙකි.


වර්ෂාව හේතුවෙන් ඇල්පිටිය, කරන්දෙණිය, වැලිපිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශවල පදිංචිකරුවන් රැසකට හානි සිදුවිය.


මීට අමතරව ඇල්පිටිය ප්‍රදේශයේ නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි අටක්‌ද මේ වන විට වාර්තා වී ඇතැයි ගාල්ල දිස්‌ත්‍රික්‌ ආපදා සහන සේවා ඒකකයේ ප්‍රධානී සංජීව කරුණාරත්න මහතා පැවැසීය.


පෙරේදා දිනය තුළ ගාල්ලට මිලි මීටර් හැට අටක වර්ෂාපතනයක්‌ ඇද හැලුණි. එම තත්ත්වය නිසා මෙම ජල ගැලීම් තත්ත්වය ඇතිවූ අතර මේ වනවිට ජලය බැසයමින් පවතින බවද සංජීව කරුණාරත්න මහතා පැවැසීය. Tell a Friend