මෙය ඉන්‍දියානු නිදහස් ජාතික ව්‍යාපාරයේ අඩිතාලම යි.
හේතුවූ සාධක
ක්‍රි.ව. 1857 කැරැල්ලට හේතුවූ සාධක දේශපාලන, ආර්ථික, සමාජයීය, හා යුඬමය ලෙස බෙදා දැක්විය හැක. ඒවා නම්,
* ඉංග්‍රීසීන් ඉන්‍දියාවේ ප්‍රදේශ ඈඳාගැනීමේදී අනුගමනය කළ අත්තනෝමතික ප්‍රතිපත්තිය
* ඉන්‍දියානු නායකයන් නිගරුවට පත්කිරීම.
* දුම්රිය, තැපැල් සේවා මගින් ප්‍රාන්ත තුල ආවේණිකව බැවති හුදකලා බව නැතිවී බටහිරකරණය වීම.
* බ්‍රිතාන්‍ය පාලකයන් ක්‍රිස්තියානි මිෂනාරීන්ට උදව් දීම.
* ඉන්‍දියාවේ සම්පත් බ්‍රිතාන්‍යයට ගෙන යාම.
* ඉන්‍දියාවේ අවශ්‍යතා නොසලකා හැරීම.
* ඇෆ්ගනිස්ථානය වැනි බ්‍රිතාන්‍යයින්ගේ අන් යටත් විජිතවල පැවැති යුඬමය තත්‍ව.
මර්දනය
ක්‍රි.ව. 1857 මැයි 10 දින ඇරැඹි මෙම කැරැල්ල ඉතා දරුණු ලෙස මර්දනය කෙරිණි. ඊට මාස 15ක් පමණ ගතවිය.
අසාර්ථක වීමට බලපෑ සාධක
මෙය අසාර්ථක වීමට අභ්‍යන්තරික ගැටළු රැසක් හේතුවිය.
* සැලැස්මක් නොතිබීම.
* සාමාන්‍ය ජනතාවගේ සහාය නොලැබීම.
* මනා නායකත්‍වයක් නොතිබීම.
* ධනය හා සේනාබලය හිමි ප්‍රභූවරුන් මේ කැරැල්ලට සහාය නොදීම.
* පොදු අරමුණක් නොතිබීම.
* බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ උපායශීලී ක්‍රියාමාර්ග.
ප්‍රතිඵල
මෙම කැරැල්ලේ වැදගත් ම ප්‍රතිඵලය වූයේ, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේවූ පාලනය අවසන් කොට ඉන්‍දියාව බ්‍රිතානය කිරීටය යටතට පත්කිරිමයි. මෙය ක්‍රි.ව.1858 අගෝස්තු 02 දින සම්මත කරගත් ඉන්‍දියානු ආණ්ඩු පනත මගින් සිදුකෙරිණි.
බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් මෙම කැරැල්ල උපහාසයෙන් සැලැකූව ද ඉන්‍දියාව සලකන්නේ නිදහස් අරගලයේ වැදගත් සන්‍ධිස්ථානයක් වශයෙනි.

Post a Comment