පල්ලියක් කැඩීම නරක ය.
එය අවුරුදු විසිපහක කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය එකක් වුනහම එය කඩා දැමීම තවත් නරක ය.
එය දකුණේ කිතුනු දෙමළ ප්‍රජාව වන්දනා කරන තැනක් වුනහම හොදටෝම නරක ය.
එය සිංහල බෞද්ධාගම වෙනුවෙන් අමු අමුවේ පෙනී සිටින ආණ්ඩුවකින් වුනහම වඩාත් නරක ය.
එය ජනතාවගේ විරෝධය මත සිදු කළහම විශේෂයෙන් අපුල දනවන්නේ ය.
කිසිදු හේතු දැක්වීමක් හෝ පූර්ව දැනුම් දීමක් නැතිව සිදු කළාම ඊටත් නරක ය.
එය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් සිදුවුනාම අසෝබන ය.
පොසොන් පොහොය වැනි ආගමික දිනයක වුනාම තවත් අප්සෙට් ය.
ඒ සදහා විශාල පොලිස් බල ඇණියක් යොදා ගෙන ඒ බල ඇණිය විසින් විරෝධය පළ කළ බඩ දරු අම්මලාද පල්ලියේ ස්වාමීලා ද ඇතුළත් ජනයාට පහර ගහමින් කළහම තවත් කැත ය.
මේ ගැන රටේ ජාතික ජන මාධ්‍යයන් මුණිවත රැක්කහම එයින් නැගෙන දුගන්ධය තවත් කර්කෂ ය. දරා ගත නොහැකි ය.
අප මේ සියල්ල ලීවේ අප වෙත එවන ලද යූ ටියුබ් විඩියෝ පටයක් දැකීමෙන් ඇතිවූ සංවේගයෙනි. විශ්වාසයට ගන්නටත් අපහසු තරමේ මේ කතාව ගැන ඇත්ත දන්න කවුරුවත් ඇත්නම් ඉදිරිපත් වෙන්නට ඔවුන්ටයි මේ ආරාධන ය.
මේ කඩා දැමීම පමණක් නොව එය මේ ආකාරයෙන් කඩා දැමීමට ද හේතුන් දන්නා කෙනෙකු සිටී නම් මේ අඩවිය ඔබට විවෘත ය.
(පල්ලිය කඩා දැමීම ගැන මුණිවත රැකීම ගැන අපට ගතු කියූ ලෝකයාට මෙ සටහන සම්බන්ධයෙන් අපගේ ස්තුතිය හිමිවිය යුතු ය.)
Home Unlabelled පල්ලි කඩා දැමීම
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment