මතම සරණං ගච්ඡාමි. අයවැය පියවා ගන්නේ වෙන අහවල් රෙද්දකින් ද?

අප තිත තියන්නට හැදූ මතම සරණ යාමට අපට සිදුවීම එක් අතකින් ශෝචනීය ය. අනෙත් අතින් ප්‍රීති දායක ය.

ශෝචනීය බව ගැන අටුවා ටිකා වුවමනා නැතත් ප්‍රීති දායක වන්නේ කෙසේ දැයි ලිවිය යුතුම ය. මේ මිල ඉහළ දැමීම අපේ ආදායම වැඩි කර ගැනීම සදහා කරන ලද උප්පරවැට්ටියක් වුව ද බොහෝ දෙනෙකු විසින් සිතනු ඇත්තේ එය මතට තිත තිබීම උදෙසාම කරන ලද්දක් බව ය. එක ගලකින් කුරුල්ලෝම දෙන්නෙකි. ඉතින් ප්‍රීතිවීමට තවත් කාරණා වුවමනා ද?

බොහෝ දෙනෙකුට මේ අපභ්‍රංසය තේරෙන එකක් නැත. ඇත්තටම හොදට බීලා තේරුම් ගත යුතු දෙයක් අමුවෙන් තේරුම් ගැනීම අමාරු ය. ඒත් මිල වැඩිවෙලා තියෙන විදිහට දැන්නම් බොන්න වෙන්නේ අරක්කු නොව වස ය.

මේ යනවිදිහට වස කුප්පියක් එකවර ගෙන හලා ගැනීම හැම අතින්ම ලාභ දායක වනු ඇත්තේ ය. එය මිල මුදල් පමණක් නොව කාලය ද අපට ඉතිරි කර දෙනු ඇත්තේ ය.

හැබැයි බොන එකා සියදිවි නසා ගත්තහම ආණ්ඩුවට වෙන්නේ බෙල්ලේ වැලදා ගැනීම ය.

කාර්වල බදු අඩුකළාක් මෙන් හෙට අනිද්දා ඔය අරක්කුවේත් බදු අඩු කිරීමට සිදු වීමට හොදටම ඉඩ තිබේ. ඕනෑවට වඩා වැඩි කළ විට ආදේශකවලට ඇති ඉල්ලුම වැඩිවීම පිළිබදව දැන ගැනීමට බන්දුල ගුණවර්ධන‍ගේ ටියුෂන් පංතියට යන්නට වුවමනා නැත.

දෙපැත්තට අදින ගොන් බානක් එකට තියාගන්නට තතනන ආණ්ඩුවට අවසානයේ වන්නේ .. ක ඉරා ගන්න ය.

ඉරා ගන්නවිට හැම තිස්සේම එක් පැත්තකට වැඩි වෙන්නට ඉරී යාමට ඉඩ තිබෙ. අද අයවැයෙන් වැඩි පැත්ත තිබෙනු ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැත්තේ ය. රුපියල් දෙදහස් පන්සීයයේ මැතිවරණ පොරොන්දුව ඒ අනුව අද නොව හෙට වීමට ඇති ඉඩකඩ වැඩි ය.

ඇත්තටම මනෝඥ ආණ්ඩුවක් යටත් විය යුත්තේ දැඩි ලෙස කෝන්දේසි ඉල්ලන මුල්‍ය අරමුදලට විනා කොයි දේත් උපේක්ෂාවෙන් ඉවසන ජනතාවට නොවෙ.

මොනවා කරන්න ද කුම්බලා මාලු කෑවාන් විදවිය යුතු ය.